
ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද්, අද (1) උදෑසන තෙහෙරානයට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව පැවැසෙයි.
ඊශ්‍රායල-ඇමරිකානු හමුදා තෙහෙරානයේ පිහිටි මහමුද් අහමදිනෙජාද්ගේ නිවසට පහර දුන් බව පැවැසෙයි. අහමදිනෙජාද්ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දෙදෙනකු ද එම ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.
2005 සිට 2013 දක්වා ඉරාන ජනාධිපති ධුරය හෙබවූ අහමදිනෙජාද්, බටහිර විරෝධී මතධාරී නායකයෙකි.
අහමදිනෙජාද්, ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු ලෙස ද සැලකෙයි.
2008 දී මෙරට නිල සංචාරයක නිරත වූ ඔහු, ශ්‍රී ලංකාවේ දැවැන්තම බහුකාර්ය ව්‍යාපෘතියක් වන 'උමා ඔය ව්‍යාපෘතිය' ආරම්භ කිරීමට මූලිකවම සහාය ලබා දුන් නායකයායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහමනෙජාඩ් හොද මනුස්සයෙක්.... ඔහු ජනාධිපතිධුරය තුලින් හිස් උදුම්මවාගත් කෙනෙකු නොවේ. සාමාන්‍ය ලෙස ධුරය දරණ විටදීද ජීවත්වූ අයෙක් ඔහුගේ දහම අනුව ඔහු පැතූ ශාන්තිය ඔහුට උදාවේවා.. අපේ දහම අනුව උතුම්වූ නිර්වාණ සුවය අත්වේවායි පතමි.
දුක්වෙන්න දෙයක් නෑ. දෙවියන් හා එක්වෙන්න ඇති. මේ අය මුලු ජීවිත කාලයම ප්‍රාර්ථනා කරන්නෙත් ඒකනේ.
පින්තූරය දිහා බැලුවාම පේනවා ගජ මිතුරෝ දෙන්නගේ හිනාව... කුණු ගොඩක් එක්වෙන්නේ තවත් කුණු ගොඩකට කියලා අපේ සීයා කියනවා.
එක් මෝඩයෙක් මෝඩකමට උමාඔය පටන්ගනිද්දීම හිලක් තියෙනවා. බදුල්ලම විනාශයි කියලා රටේ සංවර්ධනය අඩාල කරන්න දගලද්දී සංවර්ධනය වේගවත් කරන්න උදව්දුන් එතුමාටත් සිදුවූදේ ගැන බලවත් කණගාටුව පලකරමු...
හොඳ සරල මනුස්සයෙක්...
මම නම් දැකල තියෙන ඉරාන මිනිස්සු හරි හොඳ මිනිස්සු, හොඳ සරල මනුස්සයෙක් ,අදහන දහම හැටියට සුගතියට පත්වේවා
අපේ රටේ හිටපු මහේශාක්‍ය ඉදිමුන නායකයෝ වගේ නොව ජනපතිකම අතහැරියාට පසුවත් වෘත්තීය ගුරුවරයෙකු ලෙස කටයුතු කල අයෙක් ලෙස ප්‍රසිද්ධයි.