IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හැටන් ආපනා ශාලාවක බත් සමග කැරපොත්තෙක් දීලා

(රංජිත් රාජපක්ෂ)

හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටි බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් දික්ඔය නගර සභා මහජන සෞඛ්‍ය අංශය කියයි.

දිවා ආහාරය ලබාගනිමින් සිටියදි පිගානේ මියගිය කැරපොත්තකු සිටිම සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකිමක් නොකල නිසා පාරිභෝගිකයා  පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින්  එම ආපනශාලාව වෙත ගොස් විමර්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත දැනුම් දි ඇත.



අදහස් (5)

හැටන් ආපනා ශාලාවක බත් සමග කැරපොත්තෙක් දීලා

Sampath Wednesday, 22 January 2025 03:52 PM

චීනේ වුණානම් කැරපොත්තාටත් සල්ලි දෙන්න වෙනවා.

:       6       5

sugath Wednesday, 22 January 2025 04:38 PM

ඝර්ම කලාපික රටක් වන ලංකාවේ ඕනෙම ගෙදරක කැරපොත්තන්, මීයන්, හූනන් වැනි සතුන් ජීවත් වෙනවා. එබැවින් නොයෙකුත් අවස්ථාවල, අපි නොදැනීම මේ සතුන් අපේ අහාර ජාල වලට එකතු වීමේ සම්භාවිතාව වැඩියි.

:       10       4

ජයනාත් Wednesday, 22 January 2025 05:12 PM

දැන් මස් මාළු ගිනි ගණන්. ඊට වඩා දෙයක් දෙන්න බැරුව ඇති...

:       6       5

Perera Thursday, 23 January 2025 04:22 AM

දැන් ගණන්වල හැටියට ඔය බත් එකට ඉස්සෝ දාන්න බැරුව ඇති

:       0       0

de silva Thursday, 23 January 2025 11:39 AM

ලංකාවේ සෑම තැනම කැරපොත්තෝ , මැස්සෝ , මදුරුවෝ දඩාවතේ යන බල්ලලු , බල්ලෝ නිසා බලු මැක්කෝ , වැනි සතුන් සිටිනවා , නමුත් මේ ප්‍රශ්නය ගැන ගැබුරින් බැලුවොත් , අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය සභාවල , නගර සභාවල , කසළ බැහැරකිරීම සහ අප ජලය බැහැර කිරීමේ විදිමත් ක්‍රමවේද නොමැති බව පෙනී යනවා , කලින් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් වලදී මුලින්ම මෙම පළාත් පාලන ආයතන වල ක්‍රමවේදයන් විදිමත් කරන්න ඕනේ .ඉන්පසු ජනතාව දැනුවත් කරන්න ඕනේ ඉන්පසුව තමා ජනතාවට නීති දමන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site