IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හැටන් අධි බලැති විදුලි රැහැනට ගසක් කඩා වැටේ

(රංජිත් රාජපක්ෂ)

හැටන් සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් දක්වා ඇද ඇති වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහුන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා පැවසීය.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් මෙම ගස කඩා වැටි ඇති බවත්, කඩා වැටුණු ගස කපා ඉවත් කර විදුලිය යථා තත්වයට පත් කිරිමට පවතින වර්ෂාව සහ දැඩි සුළං තත්වය හමුවේ බාධා පැමිණ ඇති බවයි නිමල් සමරකොන් මහතා කියා සිටියේ.

මේ හේතුවෙන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨය ඇතුලු ඩෙවෝන් ප්‍රදේශයෙ විදුලි පාරිභෝගිකයන් රැසකට විදුලිය ඇනහිට ඇති බව නිමල් සමරකොන් මහතා තව දුරටත් කියා සිටියේය.



අදහස් (0)

හැටන් අධි බලැති විදුලි රැහැනට ගසක් කඩා වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site