IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


හක්කපටස් පුපුරා එක්දරුපියා මරුට

( චන්ද්‍රසේන ගමගේ)

නිවසේ භාවිතා කළ ගෑස් අවසන් වීම නිසා පවුලේ  පිරිස සමඟ දර කඩන්නට ගිය හම්බන්තොට සමර‍කෝන් වැව  ප්‍රදේශයේ පුද්ගලයෙකු හක්කපටස් පුපුරා  මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.  

මිය ගොස් ඇත්තේ හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 වැනි වියේ පසු වූ දිලිප් චාමර නම් එක්දරු පියෙකි.

ඔහු පවුලේ අය සමග සමරකෝන් වැව ආසන්නයේ ඇති වන භූමියට ගොස් ඇත්තේ ආහාර පිසීම සදහා දර කඩාගෙන ඒමටය.

දර කඩමින් සිටින අතර මිය ගිය අයගේ බාල සොහොයුරා කැලයේ තිබු ගුලියක් වැනි යමක් දැක එය අහුලා වැඩිමහල් සහෝදරයට දී ඇති බවත් ඉන් අනතුරව එම ගුලිය කුමක්දැයි මිය ගිය තරුණයා පරීක්ෂා කරනවාත් සමගම එය පිපිරී ඇතැයි පොලීසිය සදහන් කරයි.

හක්ක පටස් ගුලිය පිපිරීමත් සමඟම දිලිප් චාමර තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.මිය ගිය දිලිප් චාමර ධීවරයෙකු බවත් ඔහු ඊයේ(26)  දින මුහුදු ගොස් නිවසට පැමිණි අයෙකු බවත් පෙලීසිය කියයි.

හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශය වන අලි බහුලව වෙසෙන ප්‍රදේශයක් වන අතර එහි වෙ‍සෙන සමහර වගාකරුවන් වන අලින් මරා දැමීම සදහා හක්ක පටස් වන භූමිය තුළ දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

 



අදහස් (0)

හක්කපටස් පුපුරා එක්දරුපියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 244 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site