(යොහාන් භාසුර)
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයසුන්දර මහතා පැවසීය.
විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස ලකුණු දෙක පිරිනැමීමට තීරණය කළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට එල්ල වූ චෝදනා චෝදනා පිළිබඳව අවධානය යොමු කර මෙම පියවර ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සා.පෙළ විද්‍යා පේපරේට නිදහස් ලකුණු 2ක්
පුරවැසියා Wednesday, 15 May 2024 04:30 PM
දරුවන්ට වැය වූ කාලය...!
චන්දිම ෆොන්සේකා Wednesday, 15 May 2024 07:56 PM
පොඩ්ඩක් හිතලා බලන්න. ජාතික විභාගයක ප්‍රශ්න පත්‍ර හදනවා කියන එක නිකම් ආවට ගියාට කරන වැඩක්ද? කොච්චර බැරෑරුම් වගකිවයුතු වැඩක්ද? විභාගයට වාඩි වුනු ළමයිගේ මනස වික්ෂිප්ත වෙන විදියට වැඩ සිදුවීම සුළුවෙන් සැලකිය හැකිද? එතකොට විෂය නිර් දේශයේ නැති හෝ ඉවත් කල කොටස් ගැන මේ වැඩේ කරපු මිනිස්සු දන්නේ නැද්ද?දැනගෙන ඉන්නම ඕනි නේද? ප්‍රශ්න පත්‍රය හදන්න කලින් වගේම හැදුවට පස්සේත් සිදුවිය හැකි වැරදි අතර මෙවැනි වරදක් වෙලා ඇත්දැයි නිකමට වත් පරීක්ෂාවක් කලයුතු නැද්ද? ඒ ගොල්ලෝ නිකම් බබ්බුද? මෙතනින් පෙන්නේ මොකද්ද මේ මිනිස්සු කිසිදු වගකීමකින් වැඩ කල නොහැකි මේ තනතුරු වලට නුසුදුසු උදවිය කියන එක නොවේද? මේවා කාගේ පත්වීමද? මේ අයට දෙන දඬුවම මොකද්ද?