IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සෙලාන් බැංකුවටට කැපීපෙනෙන ලාභයක්

සෙලාන් බැංකුව, 2023 වර්ෂයේ පළමු මාස 6 තුළ රු. බිලියන 4.2 ක බදු-පෙර ලාභයක් (PBT) වාර්තා කරගැනීමට සමත් වී ඇත. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 104.65 ක වර්ධනයකි. මීට අමතරව මෙම කාලසීමාව තුළ රු. බිලියන 2.6 ක බදු-පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සෙලාන් බැංකුවට හැකි වී ඇති අතර, මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 71.29 ක වර්ධනයකි.

 අනාගත වර්ධනය සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධනය සහ ප්‍රමාණවත් ආරක්ෂිත සීමාවන් සහිත යහපත් ද්‍රවශීලතා මට්ටමක්  බැංකුව මගින් පවත්වාගෙන ගොස් ඇත.

2023 ප්‍රථම අර්ධයේදී සෙලාන් බැංකුවේ සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සියයට 32.30 ක් වූ අතර, එමගින් ව්‍යවස්ථාපිත අවශ්‍යතා සීමා ඉක්මවා යමින්, සාර්ථක ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට හැකි විය. එමෙන්ම, ශක්තිමත් මුල්‍ය පදනමක් පවත්වාගෙන යාම සඳහා දක්වන කැපවීම නිරූපණය කරමින්, ඉතා යහපත් ප්‍රාග්ධන මට්ටමක් පවත්වා ගැනීමට සෙලාන් බැංකුව සමත් වූ අතර, 2023 ප්‍රථම අර්ධයේ බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය සියයට 15.51 ක් විය.  බැංකුවේ පොදු හිමිකම් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සියයට 11.85 ක් වූ අතර, එය බැංකුවේ විචක්ෂණශීලී ප්‍රවේශයට සාක්ෂි දරයි.

සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම සියයට 21.47 කින් වර්ධනය වී රු. බිලියන 20.5 ක් ලෙස සටහන් වන අතර, ශුද්ධ පොලී ආන්තිකය සියයට 6 ක් වැනි ස්ථාවර අගයක පවතී. බැංකුවේ ශුද්ධ ගාස්තු පදනම්කර ගත් ආදායම ද සියයට 26.72 වැනි ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වී රු. බිලියන 3.5 ක් ලෙස වාර්තා වී තිබේ. ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධ ආදායම, ඇපකර වෙනුවෙන් ලැබෙන කොමිස් මුදල් සහ  ප්‍රේෂණ ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.  

2023 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ සෙලාන් බැංකුවේ මෙහෙයුම් ආදායම සියයට 13.31 ක් වැනි කැපීපෙනෙන මට්ටමකින් වර්ධනය වී, රු. බිලියන 24.6 ක් ලෙස සටහන් වී තිබේ. ශුද්ධ පොලී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් සෙලාන් බැංකුව ක්‍රමෝපායික අවධානයක් යොමුකිරීම ඇතුළු සාධක මීට බලපා ඇත.

විදේශ විනිමය හුවමාරු අනුපාතවල සිදු වූ වෙනස්කම් නිසා ඇතැම් ආදායම් කාණ්ඩවල අඩුවීමක් පෙන්නුම් කළද, සිය වියදම් ව්‍යුහය ප්‍රශස්තකරණය කිරීම සඳහා සෙලාන් බැංකුව අඛණ්ඩව කටයුතු කළේ ය. සේවක ප්‍රතිලාභ ඉහළ නැංවීම සහ ආර්ථික වාතාවරණයෙහි සිදු වූ වෙනස්කම්වලට අනුගත වීමට සිදුවීම වැනි සාධක හේතුවෙන් බැංකුවේ සමස්ත පිරිවැය සියයට 25.88 කින් ඉහළ ගොස් තිබේ.

ණය හා අනෙකුත් හානිකරණ අලාභ සාර්ථක ලෙස කළමනාකරණය කිරීමට හැකිවීම නිසා එම අගය පෙර වසරට සාපේක්ෂව සියයට 15.88 කින් පහළ ගොස් ඇත.

2023 ජූනි 30 දින වන විට සෙලාන් බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම රු. බිලියන 689 ක් වූ අතර, එය බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්ත්වයට සාක්ෂි දරයි. ණය හා අත්තිකාරම්වල වටිනාකම රු. බිලියන 421 ක් වූ අතර, තැන්පතුවල වටිනාකම සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 549 ක් ලෙස වාර්තා වී ඇත.

මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ හිමිකම් මත ප්‍රතිලාභය සියයට 9.22 ක් වූ අතර, සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු-පෙර ලාභය) සියයට 1.23 කි. සමස්ත බැංකුව, බැංකුවේ දේශීය බැංකුකරණ ඒකකය සහ විදේශ මුදල් බැංකුකරණ ඒකකය සඳහා ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාත, 2023 ජූනි 30 දින වනවිට පිළිවෙළින්  සියයට 32.30, සියයට 32.13 සහ සියයට 25.22 ක් ලෙස වාර්තා වී තිබේ.

පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. 2.44 ක් වූ සෙලාන් බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම, 2023 වසරේ ප්‍රථම අර්ධය තුළ රු. 4.18 ක් දක්වා ඉහළ ගොස් තිබීම, සෙලාන් බැංකුවේ ස්ථාවර කාර්යසාධනයට තවත් සාක්ෂියකි.

595



අදහස් (0)

සෙලාන් බැංකුවටට කැපීපෙනෙන ලාභයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site