
( තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.
තොරණ කඩා වැටීම මත විදුලි සහ දුරකථන රැහැන්වලට හානි සිදුවීමෙන් අවට ප්‍රදේශයන්ට විදුලිය විසන්ධි වීමක් සිදුව තිබූ අතර අසල තිබූ වාහනයකටද හානි සිදුව තිබේ.
මෙම සිදුවීමෙන් පසුව ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ දැඩි වාහන තදබදයක් සිදුවූ බැවින් මාර්ගය ගමනා ගමනය සදහා අවශ්‍ය පියවර ගනු ලැබූ බව කළ විමසුමකට පිළිතුරු දෙමින් , ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා පැවසීය.
COMMENTS
ගම්පහ එවුන් කරොත් ඔය වගේ මගුලක් තමා. උන් ගහන තෝරන්. මතකනේ අර හොන්තුවක් පාර්ලිමේන්තු යවල.
මෝසම් වැසි සමඟ දැඩි සුළං හමන කාලයක මෙවැනි උඩ තොරණ් හදන කොට එවැනි දේවල් වලින් සිදුවන හානි වළක්වා ගැනීමට සහ ආරක්ෂා වෙන්ඩ විශේෂ වැඩපිළිවෙළක් යොමු කරන්න ඕනැ