
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කළේය.
පසුගිය පෙබරවාරි මස 13 වැනිදා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළත් අදානි සමූහය මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නොමැති බව "ද හින්දු" පුවත්පත සඳහන් කළේය.
ඉවත්වන බව දැනුම් දුන්නත් ඒකකයකට ගෙවනු ලබන මිල පිළිබඳ දෙපාර්ශ්වයට එකඟතාවයකට පැමිණි හැකි වෙතැයි අදානි සමූහය බලාපරොත්තු තබාගෙන සිට ඇතැයි එම පුවත්පත වාර්තා කළේය.
ඒකකයකට ගෙවන ගාස්තුව පිළිබඳ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින නමුත් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ගාස්තුවකට දෙපාර්ශ්වයම ඉතාමත් ඉක්මණින් එළඹනු ඇතැයි තොරතුරු දත් ආරංචි මාර්ග පැවැසුවේය.
මන්නාරම් සුළං බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ගෙවන ගාස්තුව ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් ශත 5-6 ත් අතර මිලක් යෝජනා කර තිබුණත් කිලෝ වොට් පැයකට ශත 7 ක පමණ මිලකට දෙපාර්ශ්වය එකඟ වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන්
ජයනාත් Wednesday, 19 March 2025 06:59 AM
අප්‍රේල් වල එන මෝදි ගමනට පෙර වදනක් ... යමක් බලාපොරොත්තු වන්න ...