IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සුජීවගේ පෙත්සම විභාගයට අවසර

(මනෝප්‍රිය ගුණසේකර)

නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහතා ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර ඇත.

පෙත්සම්කාර හිටපු අමාත්‍යසුජීව සේනසිංහ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කරුණු දක්වමින් නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් වැරදි කරුණු අධිකරණයට ඉදිරිපත් කර රහස් පොලිසිය තම සේවාදායකයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කීය.

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණද එම වාහනය 2022 වසරේ ලියාපදිංචි කළ එකක් යැයිද ගරාජ් අංකයක් යටතේ එම වාහනය භාවිතා කළ බවට පැමිණිල්ල ඉදිරිපත් කරන චෝදනා පදනම් විරහිත යැයිද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා තම සේවාදායකයාට එරෙහිව විමර්ශනයට පාදක වන පැමිණිල්ල විස්වසනීයත්වයෙන් තොර පදනම් විරහිත එකක් යැයිද පෙන්වා දුන්නේය.

සිද්ධිය පිළිබඳ මුලින්ම වලාන දූෂණ මර්දන ඒකකය විමර්ශන කළත් නීතිවිරෝධී කිසිවක් අනාවරණය නොවූ බවට එම ඒකකය අධිකරණයට වාර්තා කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වගඋත්තරකරුගේ ක්‍රියා කලාපයෙන් සිය සේවාදායකයාට දැඩි අගතියක් වී ඇතැයිද ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්  වරුනිකා හෙට්ටිගේ මහත්මිය කරුණු දක්වමින් වගඋත්තරකරුවන් සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර සෝදිසි වරෙන්තු ලබාගෙන මෙම විමර්ශන කර ඇතැයි කීවාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් 10 වැනිදා විභාගයට ගැනීමට අවසර දුන් අධිකරණය විරෝධතා ඇත්නම් සති 06ක කාලයක් තුළ ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට නියම කෙරිණී.

පෙත්සම්කාර අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ වරුණිකා හෙට්ටිගේ මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

සුජීවගේ පෙත්සම විභාගයට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28872 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18209 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11246 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 691 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site