
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ප්‍රධානතම සහ පැරණිතම රග්බි සමාජයක් වන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ මෙවර පළමු කොටසේ රග්බි තරගාවලියේ ‘පැලැටිනම්’ අනුග්‍රහකයා ලෙස ජනශක්ති සමූහයට අනුබද්ධ ‘ෆස්ට් කැපිටල්’ හෝල්ඩින්ස් සමාගම කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රැසකට අනුග්‍රහය දක්වන ජනශක්ති සමූහය රග්බි ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන පළමු අවස්ථාව මෙය වන අතර ‘ෆස්ට් කැපිටල්’ සමාගම පවසන්නේ අර්ථික වශයෙන් දුෂ්කර අවස්ථාවේදී මෙම අනුග්‍රහය පිරිනැමීම හරහා ජනශක්ති සමූහයට අයත් සමාගමක් ලෙස ක්‍රීඩාවට ඇති කැපවීම ප්‍රදර්ශනය කළ හැකි බවයි.
‘ෆස්ට් කැපිටල්’ සමාගමේ අළෙවි ප්‍රධානී රන්දිනිත් මදනායක මහතා පැවසුවේ මෙම අනුග්‍රහය හරහා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පරිපූර්ණ සංවර්ධනයක් පමණක් නොව මූල්‍ය විසඳුම් තුළින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානයක් යොමු කරන බවත්ය.
‘ෆස්ට් කැපිටල්’ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සභාපති ටිකිරි ඇල්ලෙපොළ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පිහිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ශ්‍රවණාගාරයේදී එම අනුග්‍රහය නිලවශයෙන් පසුගියදා ප්‍රදානය කළේය.

2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි පිලට ‘ෆස්ට් කැපිටල්’ අනුග්‍රහය දෙයි
ravin Monday, 04 December 2023 05:08 PM
පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ කියන ෆස්ට් කැපිටල් ආයතනයේ ආයෝජකයෝ කවුද කියන එක තමයි.