(සුමිත් ප්‍රේමතිලක

පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල්වරයකු අද (12)  පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

සිසුවියන් දෙදෙනකු පාසලට එමින් සිටියදී මෝටර් රථයක සිටී පුද්ගලයකු ඇඳසිටි කලිසම පහත් කර  ඔවුන් දෙදෙනාට නිරුවත පෙන්වා ඇති බවට විදුහල්පතිනිය  ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශයේ  සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය පිළිබඳ සොයා සොයා බැලීමේදී ,එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරිය ගේ නිළ රථය බවට  හඳුනාගෙන ඇත .

අදාල රථයේ රියදුරු වන මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි  36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ  උපදෙස් පරිදි  අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා ඇතුළු  පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති .