
(අංජුල මහික වීරරත්න)
නවීන ලෝකයට ගැලපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරඟකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා හඳුන්වා දීමට සැලැසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද (22) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සිසු දරුවන් සමඟ කතා බහකට එක්වෙමිනි.
දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබසිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය මේ වන විට ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන අතර මෝටර් කාර්මික ඇතුළු වෘත්තීය තාක්ෂණ පාඨමාලා, තොරතුරු තාක්ෂණය, සැලසුම් සහ ත්‍රිමාණකරණය, භාෂා පාඨමාලා, පෙර පාසල් පුහුණු පාඨමාලා, රූපලාවණ්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍ය පාඨමාලා රැසක් මෙහි පවත්වාගෙන යනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොඳයි , ඒත් තාක්ෂණික උපාධියක් තියාන මේ මම රැකියාවක් නැතිව ඉන්නවා , රැකියා දෙන වැඩපිළිවෙලක් නැත්ද ? තක්ස්හනෙන් වැඩක් ගන්න තාක්ෂනිකයන්ට කර්මාන්ත පුර පිහිටුවන්ට තාක්ෂණික ෂමය අපේ රටෙන් දෙන්න පුළුවන් විදියට එහාකොට රැකියා ව්‍යුක්තිය අඩුවෙනවා
ආණ්ඩුව ඉවරවෙන්න පන අදින කාලේ වෙනකල් මේවා මතක් උනේ නැහැනේ ?ආයෙත් මීළඟට පන අදින කාලේ වෙනකල් අමතක වෙනවා