
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරටුව ගාලු පාර කොරලැවැල්ල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක රියදුරෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය මැද දූපතේ ආරක්ෂිත යකඩ වැටද කඩාගෙන ගාලු පාර හරහා ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් වඩු මඩුවක ගැටී නතර වී සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වැළකී ගිය බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
මෙම අනතුරින් යතුරුපැදියක ගමන් ගත් යුවළක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
සිදුවූ අනතුරින් මොරටුව ගාලු පාරේ මැද දූපතේ පිහිටා තිබූ යකඩ වැටවල් හයකට හා වඩුමඩුවකට, යතුරුපැදියකට හා ත්‍රී රෝද රථයකට අලාභ අහානි සිදුවී ඇත.
කළුතර ඩිපෝවට අයත් බස් රථයක් කොළඹ දෙස සිට පානදුර දෙසට ධාවනය වීමේදී එහි රියදුරුට එක දිගට කැස්සක් ඇති වී ඇති අතර ඒ සමගම ඔහුගේ දෑස් පියවි බස් රථය පාලනයෙන් ගිලිහී මාර්ගයේ මැද දූපත හරහා යකඩ වැටවල්ද කඩාගෙන ප්‍රතිවිරුද්ධ මන් තීරුව හරහා ගොස් බඩුමඩුවක් ඉදිරිපිට ගැටී නතර වී තිබූ බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී බස් රථයේ මඟීන් දස දෙනෙකුට ආසන්න පිරිසක් රැඳී සිට ඇතත් අනතුරින් ඔවුන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd