IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සැහැල්ලු දුම්රියෙන් කෝටි 597ක් වතුරේ

(මුදිතා දයානන්ද)

කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබාදීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ ගිවිසුම් ගතව ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් ඇතැයි එම ව්‍යාපෘතිය අවලංගු කිරිම සම්බන්ධයෙන් කරන ලද විශේෂ විගණනයකදී අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත වියදමට අමතරව එතෙක් සපයන ලද උපදේශක ගාස්තුද ඇතුළත්ව, කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව ව්‍යාපෘතිය අවලංගු කිරිම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේශක සමාගම රුපියල් කෝටි 516ක් ඉල්ලා ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

එම මුදල නොගෙවන්නේ නම් අනාගතයේ එම සමාගම බේරුම්කරණ නඩුවකට ගිය හොත් සම්පූර්ණ උපදේශන ගාස්තුව හා වන්දි මුදලක් ආදී ලෙස තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවද එහි සඳහන් වේ.

එසේම මෙම ව්‍යාපෘතිය ආරම්භයේදීම පෙර ගෙවුම් ගාස්තුවක් ලෙස ජපන් යෙන් 60,080,000 (රුපියල් කෝටි 10.4ක) මුදලක් ව්‍යාපෘතියට යොදවා ඇති බවද ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වු පසු එම මුදලින් සියයට පනහක් ආපසු ගෙවනු ලබන බවද ව්‍යාපෘතිය අතරමග නැවතීම නිසා එසේ යෙදවූ පෙර ගෙවුම් ගාස්තුව අනර්ථකාරි වියදමක් වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රජය 2016 දී ජපන් රජයෙන් කළ ඉල්ලීමක් පරිදි මෙම ජපාන ජාත්‍යන්තර සහයෝගිකා ආයතනයෙන් (ජයිකා) මෙම ණය මුදල වසර දොළහක සහන කාලයක් සහිතව වසර හතලිහකදි ගෙවීමට සහන පොලී පදනමක් යටතේ ලබාදී ඇති බවද එසේ තිබියදී ව්‍යාපෘතිය අවලංගු කිරිමට කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය අවංගු කර තිබෙන්නේ 2020 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුවය.

අමාත්‍ය මණ්ඩල සංදේශවලට අදාලව මහාභාණ්ඩාගාරය සිය නිරීක්ෂන ඉදිරිපත් කිරිමේදි එම සංදේශ මගින් අපේක්ෂා කරන තීරණ සඳහා සහයෝගය දැක්වීමෙන් ඔබ්බට සිය ස්වාධීන වෘත්තීමය නිරීක්ෂන ලබාදීමට උපරිම ප්‍රයත්න දැරිය යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

මෙම කරුණු ඇතුළත් වි තිබෙන්නේ ජපන් සැහැල්ලු දුමරිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් මස නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකය.

 



අදහස් (49)

සැහැල්ලු දුම්රියෙන් කෝටි 597ක් වතුරේ

අප්පුහාමි Wednesday, 07 December 2022 08:01 AM

කැබිනට් අනුමැතිය ඉල්ලා සංදේශය ඉදිරිපත් කල හිටපු ඇමතිවරයා ගෙන් සියයට විසිපහකුත් එවක කැබිනට් ප්‍රධානියා ගෙන් සියයට විසිපහකුත් අනෙක් සියලු අයගෙන් ඉතිරියත් අයකිරීමට කටයුතු කරන්න. මෙහෙම වගකීමක් නොමැතිව වැඩ කලේ දේශපාලන හේතු නිසා නම් යෝජනා කල පක්ෂයේ යෝජනාව ගෙනා අයට ජීවිතාන්තය දක්වා ජනතා මුදල් නාස්තිය වෙනුවෙන් සිර දඩුවමක් දියයුතුය. කෙනෙක් නැත්නම් පක්ෂය හා පක්ෂයට ඈදාගෙන සිටි සියලු පක්ෂ තහනම් කරන්න ඕන. රටේ ජනතා මුදල් නාස්තිය දූෂණය හොරකම් වංචා කරන දේශපාලුවො හා වැරදි කරන නිළධාරින්ටද දඩුවම් නොදුන්නොත් කිසිදාක රට හදන්න බැහැ. දැන්වත් රටේ චින්තන දැක්මවල ඉවත දමා ජාතික ප්‍රතිපත්ති සැකසීම කරන්න සියලු දෙනාටම කල්පනාවක් ඇතිවේවා.

:       2       115

PereraThursday, 08 December 2022 09:48 AM

රටේ මුදල් විනාශ කරන මෙවැනි දේශපාලුවන්ට ඡන්ද දීපු අයව එල්ලුම්ගස් යවන්න ඕන.

:       1       13

චන්දිම Wednesday, 07 December 2022 08:01 AM

ඇත්තටම මේ ව්‍යාපෘතිය කළා නම් අද වාහන තදබදය බොහෝ දුරට අඩුයි. මේකට විරුද්ද වුනේ ඔය වියත්තු කියන කෙස් පැලෙන තර්ක දොඩවන අනුවණයන්. එදා මේ ව්‍යාපෘතිය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට මහා උනන්දුවෙන් කටයුතුකළ ලලිතසිරි ගුණරුවන් මහා වියතාණන් කිව්වේ මේකෙන් කන්ටේනර් ගෙනියන්න බැරි නිසා මේ වැඩේ අවලංගු කරපු බවයි. අන්න දැන් එයාගෙන් අහන්න කියාවි ඔය සල්ලි ගෙවන විදිය ගැන මහා දැනමුත්තාගෙ මොලයෙන්.

:       1       109

de silva Wednesday, 07 December 2022 08:08 AM

ඔන්න තවත් ගෝඨා සහ ලලිතසිරි ගුණරුවන් එකතුවෙලා කරපු මහ විනාසයක්. මුන් බෙන්ස්වල යති අපි බස්වල දුක් විඳිමු. එහෙම කරනකොට මිනිස්සු ඇවිත් ගෙවල් ගිනිතියන එක පුදුමයක් නොවේ. අපට අපේ ජීවිත කාලයටම සැහැල්ලු දුම්රියක් දකින්න ලැබෙන්නේ නැහැ.

:       1       102

Akila Wednesday, 07 December 2022 08:30 AM

අර රට කාපු විරුවගෙයි ,කියත්මගේ උන්දලගෙයි ඔල මොට්ටල තීරණ තමයි මේ , වෙනවෙනම නඩු දාලා මේ අලාබය අයකරගන්නා ඕනේ ඒ ගොල්ලොනෙන්ම.

:       2       84

kamal Wednesday, 07 December 2022 08:47 AM

ඇති යාන්තන් කෝටි 597යිනේ. අපි හිතුවේ පාඩුව කෝටි 600 කියලයි. කෝටි 3ක් බේරා දුන්නාට බොහොම ඉස්තුතියි සෑර්.

:       1       52

නීතිය කාටත් එකවීමයි Wednesday, 07 December 2022 09:29 AM

දේශපාලකයින්ට නීති අදාල නොවීම නිසා තමයි මේ වගේ තීරණ අරන් තියෙන්නේ... චීනයෙන් ගත්තු ගිනි පොලී ණයවලට කොමිස් ලැබෙන හින්දා ජපානයේ ව්‍යාපෘතිවලට අකමැති වුණා. චීනයෙන් ලැබුණු අසූචිවලිනුත් කොමිස් ගහපු අයනේ... ජපානය වගේ රටවල් ඔය හොර වැඩවලට කැමැති නෑ.

:       1       60

ලුම්බිණි Wednesday, 07 December 2022 09:45 AM

මේ අලාභය වැරැදි තීරණ ගත්තු අයගෙන් අය නොකරන්නේ මොකද?

:       1       49

කිරිපුතා Wednesday, 07 December 2022 09:57 AM

මෙලෝ හසරක් නැති ලක්ෂවලට විතරක් බෙදිලා තමන්ගේ මල්ල පුරවාගන්න විතරක් අර අඳින මැතිඇමැතිවරුන්ගේ බොහෝ තීරණ මේවගේ රටට හානිකර ඒවා විය හැකියි. වියතුන් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ කාර්යයකි. ජනතාවද තම තමන්ගේ චූටි චූටි වාසිවලට ඕනෑම කෙනෙකුට ඡන්දය දෙන රටක හෙට හොඳ වේ යැයි කාට නම් කිව හැකිද?

:       1       34

Colombo Citizen Wednesday, 07 December 2022 10:11 AM

රට හදන්න හිතාගෙන මිනිස්සු පිටරට වලින් පවා ඇවිල්ලා ඡන්දෙ දීලා ගෙනාපු මනුස්සයා අන්තිමට මුලුරටම අවසාන කළා. අනේ මෙහෙම ගොන්නු ඉන්න රටක්...

:       2       54

amila Wednesday, 07 December 2022 10:29 AM

ජපානය තරහා වුණේ මේකෙන් තමයි... චීනය, ඉන්දියාව වගේ නෙවෙයි, ජපන්නු අපිට කවදත් ගොඩක් හිතවත් ජාතියක්.. කිසිදෙයක් කඩාවඩා ගන්න බලන් උදව් කරලා නැහැ. කවදාවත් එහෙම මිනිස්සුන්ව තරහා කරගත්තේ කොමිස් පප්පො ටික එකතු වෙලා ලංකාවට ඉතාවටිනා ව්‍යාපෘතියක් නැති කරලා දාලා.

:       1       53

Nuwan Wednesday, 07 December 2022 10:35 AM

ඕක අවලංගු කලේ ඔය දුම්රියට බඩු පටවන්න බැහැ කියපු අර අමන ලලිතසිරි කියන මහාචාර්යයයි සියල්ල දත් නන්දේ කියන මීහරකයි එකතු වෙලා. චීන කොමිස් ගහන්න චීන ප්‍රොජෙක්ට එකක් ඒ වෙනුවට පටන් ගත්තා. ඔය දඩ මුදල් උන්ගෙන් අයකරගනිල්ලා.

:       3       60

Dasa PWednesday, 07 December 2022 06:11 PM

නොදකින් වියත් මඟ. ඔය දැන් පැටවේවේ අපේ කර උඩට බඩු.

:       3       34

GamayaThursday, 08 December 2022 06:42 AM

So called transport experts lalihasiri Gunaruwan and Aal Kumarage responsible for this action. They advise GR on the issue. Still they involve in Transport Sector developments.

:       0       9

අපේ රට Wednesday, 07 December 2022 10:37 AM

ඔය කියන වැඩේ නැවැත්තුවේ රටේ මිනිස්සු නෙමේ උන් පත්කල දේශපාලුවෝ. එනිසා එමකාලයේ මේ මොඩ තීරන ගත් උන්ගෙන් අයකරගන්න. රටට බරක් නොකර.

:       1       35

හම්බන්තොට නිල බලකාය Wednesday, 07 December 2022 10:54 AM

මේ වගේ දේවල් කොලබට ගැලපෙන්නේ නැ. මේවා ඕනේ අපේ හම්බන්තොටට. ලොව විශාලම දේවල් හම්බන්තොට හැදුව නම් අපි ගොඩ.

:       9       21

සකල ගුරු Wednesday, 07 December 2022 03:30 PM

නිල් බලකායේ අදහස නිවැරදියි. ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ සියලු සම්පත් රජ පරපුරට මිස වෙනත් ප්‍රදේශවල කළොත් අපල වෙනවා...

:       3       18

Jayasri Wednesday, 07 December 2022 11:03 AM

ඒ කාලේ ටී.වි. වල පඩෂෝ දාපු ලලිතසිරි ගුණරුවන් කියන පණ්ඩිතයලා තමයි ඕවට වග කියන්න ඕනි.

:       1       43

ඩේසි ආච්චි Wednesday, 07 December 2022 03:38 PM

එයා කිව්වට ජනාධිපති නොවෙයිනේ... ඉතින් ඒ කීම පිළිගත් සියලු අයම මෙම අලාභය ගෙවිය යුතුයි. 2024 දී රජකමට පත්වීමට කෙනෙක් බලාපොරොත්තුව සිටිනවා නම් මෙවැනි වැරදි වලට කරන්නේ කුමක්ද කියා ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කරන්න ඕනෑ...

:       2       32

sam Wednesday, 07 December 2022 11:08 AM

ජනාධිපති වෙලා කළ හරිය තමයි ඔය. ඔය කට්ටියගෙන් රටට වෙච්චි හානිය අයකරගන්න ඕනේ. මේ ලස්සන රට විනාශ කළා.

:       3       32

Ranasinghege Wednesday, 07 December 2022 11:27 AM

අපේ රටේ දුෂිත හා මෝඩ නිලධාරීන් හා පාලකයෝ හැමදාම කලේ ඔහොම තමයි.

:       0       26

අපේ රට Wednesday, 07 December 2022 11:48 AM

මේ දෙය කලේ ජනතව නොව ඔවුන් බලය දුන්නත් දුරදිග නොබලන පාලකයන්. .එනිසා මෙයත් ජනතාව මත නොපටවා වැරැද්ද කලවුන්ගෙන් අයකරගන්න.

:       1       20

Dayan Wednesday, 07 December 2022 12:00 PM

This was cancelled because the back side of the cabinet was magnetised. Entire loss should recover from the cabinet who decided the cancellation. It's fair to pass on the loss to the people who voted for the then government and not from the people who did not vote for them.

:       2       17

Rata Perata Wednesday, 07 December 2022 12:47 PM

ඊට සුලු පොලියකට ණයක් අරගෙන චම්පික කරන්න ගිය වැඩේ මෝඩ ගෝතා කෑවා.

:       1       39

Tony de souzaa Wednesday, 07 December 2022 12:56 PM

Its very sad (අපේ මෝඩයන්ගේ තරම තේරෙනව නේද?)

:       0       25

පැරකුම් Wednesday, 07 December 2022 01:11 PM

මෙවැනි මන්දබුද්ධික අමන තීරන ගනුලබන දේශපාලුවන්ට එරෙහිව නිසි පියවර නොගතහොත් මෙවැනි දේ ඉදිරියටත් සිදුවනු ඇත

:       0       29

kamalThursday, 08 December 2022 10:31 AM

මෙවැනි මන්දබුද්ධික අමන තීරන ගනුලබන දේශපාලුවන්ට එරෙහිව නිසි පියවර ගැනීමේ සම්පුර්ණ වගකීම තියෙන්නේ මොවුන්ව පත් කරන ජනතාව වන අපේ අතේ බව අමතක කරගන්න එපා. විශේෂයෙන්ම චන්ද දිනයේදී.

:       0       6

fairoos Wednesday, 07 December 2022 03:21 PM

ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ට හොඳ පාඩම්... නන්දසේන රටට කළ විනාශයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

:       4       29

nishaantha Wednesday, 07 December 2022 03:23 PM

‘‘සැහැල්ලු දුම්රිය‘‘ ගැන කතාකෙරුවා විතරයි, රුපිටල් කෝටි 597ක් වතුරේ...! කොහොමද මාටියා ගැහිල්ල? පොහොට්ටුවෝ අතගහපු හැම දෙයක්ම ඔහොම තමයි...!

:       2       30

podiaarachchi Wednesday, 07 December 2022 03:27 PM

මේකට කියන්නේ ‘‘රාජපක්ෂ‘‘ වසංගතය කියලනේ... රටත්, රටේ ධනයත් වඳවෙනවා හැරෙන්න වෙන කිසිම සිදුවීමක් නොමැත..! 

:       2       32

TD Wednesday, 07 December 2022 03:46 PM

ඕක යන්නේ උඩින්. ඒක නිසා උස රේල් ගෙට්ටු ඕනෑ. නගින්න ඉනිමං ඕනෑ.

:       9       9

chaminda Wednesday, 07 December 2022 04:26 PM

මේකෙ කවුරුත් දන්නේ නෑ... මේකෙන් ගහන්න හදපු තරම ...

:       9       10

sampath Wednesday, 07 December 2022 05:19 PM

එක මුල් ගලක් නොතියා ඔයතරම් පාඩුනම් හැදුවා නම් කොයිතරම් පාඩු වෙයිද? ව්‍යාපෘති ගේනවා.. මිනිස්සු දාලා එපා කියවනවා... ගාණ කපාගන්නවා. සාමාන්‍ය මිනිස්සු නැතිනම් කවුරු හරි කුලී කාරයෙක් හොයාගන්නවා... මේක මරු වැඩේ...

:       2       12

ගමේ එකාලා Wednesday, 07 December 2022 05:26 PM

නන්දෙගේ සෞභාග්‍යයේ දැක්මේ තරම.. රටම වළපල්ලට වැටුණු එකයි අන්තිමට සිදු වුනේ...

:       2       22

Prabha Wednesday, 07 December 2022 05:28 PM

ජෙප්පන් එක්ක කොමිස් ගන්න බැරි නිසා කියත් මගේ අය දාලා වැඩේ අල කළා...

:       2       14

ආනන්ද Wednesday, 07 December 2022 05:45 PM

මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමට කව්රුත් කතා නොකරන තව එක් හේතුවක් .මෙය භාරව සිටි ඇමතිවරයා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වල උඩින් යන දුම්රිය මාර්ගයේ සේයාරූ භාවිතා කර තිබුනා.මෙය දේශපාලන විරුද්ධවාදීන් ගේ ඇසේ කටු ඇනුනා වගෙයි.ලංකාව වගේ නොදියුණු රටවල මේවා සාමාන්‍යය කරුණු. කාගේ කාගේ හෝ වරදින් ජපානයෙන් ලැබෙන්න තිබූ අඩු පොලි ණය මුදල් අහෝසි වුණා.ජපනා තරහා වුනා.දැන් රජයට අලුත්ම ඇමතිවරයකු පත් කර ජපනා සමග කතා කර නැවත මෙය ඇරඹිය හැක.

:       0       22

siril Wednesday, 07 December 2022 06:52 PM

සාටක පවුල කරපු දේවල් වලින් රට විනාස වෙලා.

:       1       23

de silva Wednesday, 07 December 2022 07:57 PM

මේවා අහෝසි කරන්න උපදෙස් දුන්නු නිලධාරීන්ට විරුද්ධව නඩු දමන්න බැරිද?

:       0       14

nishaantha Wednesday, 07 December 2022 08:55 PM

නඩුයි, බඩුයි දෙකම රජාගේ වුණාම, කාට විරුද්ධව කවුරු නඩු දාන්නද?

:       1       14

විපරමා Wednesday, 07 December 2022 08:05 PM

සැහැල්ලු දුම්රිය වීතරක්ද? මැදමූලනේ රොකට් කාරයාගේ රොකට් යැවිල්ලෙනුත් ඩොලර් කොපමණ පාඩු වුණාද? යැව්වා කියන රොකට් එකට වෙච්වි දෙයක් නැහැ.

:       1       18

ranjith Wednesday, 07 December 2022 08:42 PM

තනිතීරණයට මෙය අවලංගු කරලා ශ්‍රී ලංකා රජයට ඉමහත් පාඩුවක් කළ විගණකාධිපති වාර්තාව අනුව වගකිව යුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතියෙන් උපරිම දඬුවම් දෙන්න.

:       1       14

Vithana Thursday, 08 December 2022 05:41 AM

ලංකා ඉතිහාසයේ රට බංකොලොත් කල මහා විනාශකාරයා හෙවත් ඝෝඨාභය රාජපක්ස මීට වග කිව යුතුයි.

:       2       5

Buddika Thursday, 08 December 2022 06:50 AM

මේ මුදල් අනිවාර්යයෙන්ම එදා මේ ගිවිසුම අවලංගු කළ ගෝඨාභය සහ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේ පෞද්ගලික මුදලින් අයකරගත යුතුයි. මේ ගොන් තකතීරු වැඩවලින් ජපානය තහර කරගත්තා. අපිට ඉතිහාසය පුරාම උදව් කළේ ජපානය.

:       1       4

ashok Thursday, 08 December 2022 07:03 AM

රටේ අවාසනාවට ජනතාව පත්කරගන්න උද්දච්ච තක්කඩි නායකයෝ නිසා රට එන්න එන්නම පිරිහෙනවා .මාලදිවයින පුංචි රටක් .ජනගහනය ලක්ෂ 5 ක් විතර .ඒ උනාට ලක්ෂ 15 විතර සංචාරකයෝ ගෙන්වා ගන්නවා.ඉතින් ඒවගේ රටවල් දියුණු වෙනවා .බලාගෙන ඉන්න එද්දී .අපේ රටේ කාලකන්නි පාලකයන්ගේ හොරකම නිසා රට විනාශ වෙනවා

:       0       4

ජනිත Thursday, 08 December 2022 09:34 AM

ණය බර කිය කිය කැගහපු කටිටිය මේක හොදයි කියනවා. මේකේ මුල්‍ය විශ්ලේෂණය අනුව මේක පාඩු ව්‍යාපෘතියක් රජයට විශාල වැය බරක් දරන්න වෙන හෝ එක්කො මිනිස්සුන්ට දරන්න වෙන. මේක ගැන හරි පැහැදිලි කිරිමක් ගුණරුවන් කරන්න ධනැ. මේවා රජය නෙමෙයි කරන්න ධනැ පුද්ගලික ආයෝජකයන්. මීට වඩා තදබදය අවම කරන්න ලාබදායි ක්‍රම තියෙනවා.

:       10       5

නිහාල් Sunday, 11 December 2022 10:35 AM

ඔයා මේ විෂය දන්නවද? එහෙනම් මේකෙ වටිනාකමක් නැති බවට තියන සාධක ඉදිරිපත් කරන්න.

:       0       1

raajapakaya Thursday, 08 December 2022 12:50 PM

දැන් සැපද ?

:       2       2

maralathonis Thursday, 08 December 2022 01:06 PM

දැන් මේ සල්ලි කන්දරාව කාගේ ගිණුමට බැරවෙලාද.?

:       1       1

නිහාල් Sunday, 11 December 2022 10:19 AM

ඕක නවත්තන්න කියලා උපදෙස් දීපු අයගෙන් ඔය මුදල අය කරන්නයි තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 289 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 128 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 192 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 237 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 370 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 843 4

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site