
(සුමිත් පොතුපිටිය)
වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ.
ඝාතනයට ලක්වූ එක්දරු පියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා ඔවුන් එසේ කෑ කො ගසමින් විරෝධතාව පල කළහ.
අහිංසක දරු පවුල අනාතයි. මිනි පෙට්ටියවත් ගන්න සල්ලි නෑ කියමින් ඔවුහූ පොලිසියට විරෝධතාව පලකර සිටී.
වාද්දුව පොලිසියේ ප්‍රධාන දොරටුව මාර්ග බාධක බැරියර් යොදා මුළුමනින්ම අවහිර කර 20 කට ආසන්න නිළධාරීන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර ආරක්ෂාව තර කර සිටියහ.
බණ්ඩාරගම , පින්වත්ත,මොරොන්තුඩුව හිරණ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින්ද පොලිස් නිළධාරි විශාල පිරිසක් කැදවා ඇති අයුරු දැකගත හැකිවිය.
රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු නිවසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි රෝෂිණී ලක්මාලී මහත්මිය විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මියගොස් ඇති තැනැත්තා රිය අනතුරකට භාජනය වීමෙන් පසුව වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රදවාගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිසිය සදහන් කරයි , ඔහු නිවසට ගොස් සිටියදී රාත්‍රි ලේ වමනය කිරීමෙන් පසු රෝහල් ගතකර ඇති බව සදහන් වේ.
පහරදීම සම්බන්ධයෙන් මියගොස් ඇති තැනැත්තා ගේ බිරිද වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ පැමිණිල්ලක් සිදුකිරිමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.
මගේ මහත්‍තයව රිය අනතුරක් සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පැය කිහිපයකින් ගෙදර එව්වා. මහත්තයා කීවා මට පොලිසියෙන් පොලුවලින් හොදටම ගැහුවා පපුව රිදෙනවා කියා.
අපි එයාව රෝහලට ගෙනගියා. පසුව අද මියගිහින් කීවා. මමයි මේ අහිංසක දරුවයි තනිවුනා. අපිට සාධාරණයක් කරල දෙන්න මහත්තයෝ.

COMMENTS
මිනිසුන්ට අමානුෂික විදිහට ගහන එක වැරදි හැබැයි. අපේ රටේ අඩුවැඩි වශයෙන් ගත්තම මිනිසුන්ගේ ආකල්ප අනුව නොගහා කට උත්තර ගන්නත් බැහැ.
පොලිසියේදී අත්අඩංගුවට ගත් අයව පහරදී මරා දැමීම අපි කුඩා කල සිටම සිදුවෙමින් පවතී. මෙම ම්ලේච්ඡ පුරුද්ද දිගටම පවතී. ම්ලේච්ඡ පොලිස් නිලධාරීන් අතර දැඩි හික්මීමක් ඇති කිරීමට විෂයභාර ඇමතිට හැකිද? ඊටත් වඩා කනගාටුදායක කරුණක් වන්නේ ගමේ ගැමියෙක් ජනාධිපති ලෙස කටයුතු කරන අතරතුර මෙය දිගටම පැවතීමයි.
ඊයෙ ඕඅයිසී ල එකසිය ගාණක් මාරුකලා මාරුකරල හරියන්නෙ නෑ ඔකුන් 80000 ම ගෙදර යවලා අළුතින්ම ගන්න ඕන
බ්‍රිතාන්‍යය පොලිසිය වගේ නම් කවදාවත් කුනුහරපක්වත් කියන්නේ නෑ. ඒ අයයි ලංකාවේ අයයි අහසට පොළව වගේ. ඇමරිකාවේ කළු ජාතිකයන්ට තමයි වැඩිම හිරිහැර, ලංකාවේ එකට එකම ජාතියේ අයටත් අඩු සැලකිළි.