(යොහාන් භාසුර)
විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය සහ පෙර ලියාපදිංචිය දීර්ඝ කරගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සළසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙහිදී රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ ඇති Online Self Registration සබැඳියට පිවිසීමෙන් අදාල සේවාව ලබාගත හැකි බවත් මෙම පහසුකම භාවිතා කිරීමෙන් ස්වයං ලියාපදිංචියකදී කාර්යාංශයට ලබාදිය යුතු ලිපි ලේඛනවල නිරවද්‍යභාවය පිළිබඳව පූර්ව තහවුරුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගැනීමට හැකි බවත් එම කාර්යංශය කියයි.
මෙම මාර්ගගත පහසුකම භාවිතා කිරීමෙන් විදේශ රැකියා සඳහා ගුවන් ගතවන දිනයේදී ගුවන් තොටුපොල කාර්යාංශ ඒකකය මගින් දෙනු ලබන සේවාවන් පමාවකින් තොරව ලබාගැනීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව සැලසෙන බව කියන එම කාර්යංශය වැඩි විස්තර කාර්යාංශයේ පැය 24 සේවාවට 1989 ඔස්සේ ඇමතීමෙන් ලබාගත හැකිය.
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප
අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.
දෙදහස් පන්සිය වසරකටත් අධික මෙරට රජ වංශකතාවේ රජවරයකු භාවිතා කළ දැනට පවතින වහලය සහිත එකම රජ මාලිගය වශයෙන් සැලකෙන මහනුවර ඉපැරණි ලෝක උරුම රජමාලිගය අභිවර්
දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථාන
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් ප
මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
ස්වයං විදේශ රැකියාවට ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදය
Saman Monday, 27 March 2023 11:35 AM
පරිගණක පද්දතියේ දෝෂ වෙයි. අයදුම්පත භාගත කරගත නොහැක.
Kg susantha Saturday, 20 January 2024 05:13 PM
ඉතා හොඳයි...!