(රෝෂන් තුෂාර)
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු සාමාජිකයින් 8 දෙනෙකුට නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(05) නියෝග කළේය.
මීට වසර දෙකකට පෙර (2021)බත්තරමුල්ල පොල්දූව වටරවුමේ දී උද්ඝෝෂණය කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ඇතුළු 31 දෙනෙකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි නොසිටි සාමාජිකයින්ට මෙම වරෙන්තුව ඊයේ (04)නිකුත් කළේය.
අධිකරණයේ පෙනී නොසිටි ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු ගුරු සංගමයේ සමාජිකයින් අද( 05) අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව වරෙන්තු නියෝග ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි දින 90 රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගන්න. ඊට පසු LTTE කාරයින්ට වගේ දින නියමයක් නැතිව රඳවා තියෙන්න.
ඇත්තටම මුන්ව අතුලෙම තියන්න බරිද.