(චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)

​ගලෙන්බිඳුණුවැව, හුරුලුවැව, කරඩිකගල ආසන්නයේ වැව් පිට්ටනියේදී ඉදිරිපාදයට වෙඩි වැදීමෙන් දැඩි වේදනාවෙන් හා අසීරු තත්වයෙන් පසුවන ඇතින්නක් සහ ඇගේ වසරකටත් අඩු වයසැති පැටවා අතිශය අසරණ තත්වයට පත්ව සිටිති.

​අඩි 9කට ආසන්න උසකින් යුත්, වයස අවුරුදු 20ක් පමණ වන මෙම ඇතින්නගේ ඉදිරි පාදයකට වෙඩි වැදීමක් සිදුව ඇති බවට සැක කෙරෙන අතර, මේ වන විටත් ඇයට අඩියක්වත් ඉදිරියට තැබීමට නොහැකි තරමට තත්වය අතපත වී තිබේ.

​ගම්වාසීන් විසින් මේ පිළිබඳව කරන ලද දැනුම් දීමට අනුව මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක්එම ස්ථානයට පැමිණ ඇතින්න සහ පැටවා නිරීක්ෂණය කර ඇත.