IMG-LOGO

‘සිංහල බෞද්ධ උරුමය රැකගන්න කැපවෙනවා‘

(යොහාන් භාසුර)

අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම අපේක්ෂා කරන බවත් විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය 'කොවිඩ්' බාධක හමුවේ වුව ද රැකගනිමින්  ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන්ම එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෞද්ධ උපදේශක සභාව   ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21)   රැස්වූ අවස්ථාවේ එසේ සඳහන් කළේය.

ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන බවත් දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බවත් බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය එහිදී පැවසූහ.

කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ මෙහෙය අගය කරන බව කී මහා සංඝරත්නය ප්‍රපාතයට යමින් තිබූ  රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නැති අතර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කරදීමට පසුගිය දෙවසර තුළ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවද සඳහන් කළහ.

රටේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර, විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බවත් මහා සංඝරත්නය වැඩිදුරටත් පැවසූහ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (44)

‘සිංහල බෞද්ධ උරුමය රැකගන්න කැපවෙනවා‘

මහජනතාව Saturday, 22 January 2022 12:10 PM

මෙරට සියළුම ආගමික ස්ථාන සහ ඒවායේ භාරකරුවන් සතුව ඇති ධනස්කන්ධය ගැන සොයා බැලුවා නම් ඩොලර් ප්‍රශ්නයට විසඳුම ඉබේම පෙනේවි..

:       102       66

Predeep Saturday, 22 January 2022 12:27 PM

හැම දුර්වල නායකයෙක්ම අන්තිමේදී තමන්ගේ නොහැකියාව වසාගැනීමට ආගම සහ ජාතිය පාවිච්චි කරනවා.

:       216       153

යෝගා Saturday, 22 January 2022 12:45 PM

දැන් 3% කට්ටියත් පන්සල් ගානේ රස්තියාදු වෙනවා...

:       91       101

dilSaturday, 22 January 2022 02:06 PM

තමුන්ගේ වැඩ පිළිවෙල දැනුම් දෙන්න යන එකයි, කරන හැම දහදුරා වැඩක්ම වහ ගන්න ඊනියා දේශප්‍රේමය පෙන්නන්න යන එකයි දෙකක්.

:       90       80

sujeewaSaturday, 22 January 2022 02:37 PM

මොනවා 3% කට්ටිය පන්සල් යනවා. ඒ් ගොල්ලන්ට ආගමක් දහමක් තියෙනවද ඇත්තටම. හැබැයි ඒ් පැත්තෙ කට්ටිය උද්ගෝෂණ වලදී වාචසික හා කායික සංවරය නම් අප්පේ හරිම පියකරු දසුනක් ඈ

:       55       100

jagath Saturday, 22 January 2022 12:46 PM

ආයෙත් ඡන්දෙ ලඟයි වගේ... ඡන්දයක පෙර නිමිති... මහින්දගේ ඡන්ද සටන් පාඨය...

:       118       100

NalinSaturday, 22 January 2022 07:23 PM

මහ ඡන්දෙක පෙර නිමිති පෙනෙනවා වන්දිභට්ටයින් පිටපොට ගහනවා මහජන මතයද ඕනෑ දැනගන්නට ඉරිදා පොලකට වඩිනු විපරමට

:       1       6

සසුන් ලැදි ගිහියා Saturday, 22 January 2022 01:04 PM

වහාම යෝජිත 'ථේරවාදී භික්ෂු කතිකාවත' පාර්ලිමේන්තුවට යොමුකර සම්මත කරගන්න! එමඟින් පැවිද්දට නුසුදුසු ක්‍රියාවල යෙදෙන්නන් ශාසනයෙන් ඉවත් කර ශාසනය සුරක්ෂිත කරගන්න පුළුවනි...!

:       4       51

Jcn Saturday, 22 January 2022 01:52 PM

නල්ල මලේ උරුමේ, හංදියක් හංදියක් ගානේ පිරිත් ඝෝෂාව නවත්තලා දාන්නකෝ.. මිනිස්සුන්ට පුදුම හිරිහැරයක්... පල්ලිවල ඝෝෂාවත් එහෙමමයි...

:       3       54

කරුණාකර මේ ගැන හිතන්න !Saturday, 22 January 2022 03:14 PM

විභාග වෙනුවෙන් පාඩම් කරන දරුවන්ට පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථානවල ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව මහා හිරිහැරයකි ! " ශබ්ද දූෂණය පරිසර දූෂණයකි "! ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් මඟින් සිදුකරන පාරිසරික ශබ්ද දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න! පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන අවට නිවාසවල පදිංචිව ඉන්නා අසනීපවලට බෙහෙත් ගන්නා රෝගීන්ට අධික ලවුඩ්ස්පීකර් ශබ්දය මහත් හිරිහැරයකි..! අධික ලවුඩ්ස්පීකර් ශබ්දය හෘද රෝගීන්ට අහිතකරයි....! ආගමික ස්ථානවලින් අවට පදිංචි මිනිසුන්ට සිදුකරන ලවුඩ්ස්පීකර් හිරිහැරය වහාම නවත්වන්න...!

:       1       41

senaSaturday, 22 January 2022 07:39 PM

කතාව ඇත්ත... ආගමික ස්ථාන තරගෙට ස්පීකර් දාගෙන කෑගහනවා. ලෙඩ්ඩුන්ට විභාග වලට පාඩම් කරන අයට විතරක් නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ටත් පුදුම වදයක් තියෙන්නේ...

:       0       29

Shan Saturday, 22 January 2022 02:00 PM

අනේ මේ... අපිට කුණුහරප කියවන්නේ නැතුව ඉන්න හලෝ...

:       65       68

අනුර සේනානායක Saturday, 22 January 2022 02:12 PM

බොහෝ හොඳ දෙයක් ගන්න රටේම උරුමය පොදියක් ගහගෙන බොරු ටිකක් ගොම මැටි ගා අමතක කර පසුව ඇමරිකාවේ හෝ අර ජෙට් යානාවලින් අරගෙන තියෙන දුපත්වල ගාන දාලා තියන්න රටේ මුදල් අයිතිය රටේ රජතුමා හට... ඒකටනේ අපි කතිරය ගසාගෙන යන්නේ, හැබැයි මේ රටේ ජනතාවට මහා උද්ධච්ච අවිජ්ජා ආශ්‍රව ක්ෂය වීම අනිවාර්යයි. ඒ නිසා යනවිට සුනාමි මුදල්, ඩේසිගේ මැණික්, නිධන් ධනය, පැන්ඩෝරා පෙට්ටියේ මුදල්, කොමිස් මුදල්, මත් ද්‍රව්‍යවල මුදල්, මෙකී නොකී සේරම අර ජෙට් යානා උපයෝගී කරගෙන අරගෙන යන්න. අර උගතුන් වන, රත්තරන්, බටු තිස්ස, කබ්බරාළ, බේත් කෙහෙලිය, ඌරු ප්‍රසන්න, ඌරු කටා ගොවි ඇමැති, ආර්ථික අසංවර්ධන ඇමැති, විශේෂයෙන් මන්ද බූද්ධික පවුලේ සාමාජිකයින් රැගෙන අරගෙන යන්න.

:       12       48

ජන්බුද්වීප හෙල රාවණ යක්ඛ සමිතියේ ලේඛම්Saturday, 22 January 2022 03:09 PM

අනුර උපාසක මහතාණනි, ඔබගේ වේලාපත්කඩ මෑතකදී බලා ගත්තද? ඔවැනි කමෙන්ට් පලකිරීමම ඔබව සතර වෙනි තට්ටුවේ දොරකින් ඇතුළට ගැනීමට හේතුවකි...! ඔබට රාවණ හෙළ යක්ඛ පිහිටයි..!

:       43       11

චන්දිම Saturday, 22 January 2022 03:22 PM

මතක නැතිවුනා නේද කටුගෙය කඩලා හොරකම් කළ ජාතික උරුමය මැණික් කඩු, කස්ථාන. ඒවා කා ගාවද දැන් තියෙන්නේ..?

:       17       33

පිටිගල මිලානෝ Saturday, 22 January 2022 02:25 PM

උරුමේ රකිනවා තියා දානේ වේලක්වත් දීගන්න විදියක් නැහැ. කෑම ගිනි ගණන්, ගෑස් නැහැ. ගෑස් තිබ්බොත් ලයිට් නැහැ. නල්ලමලේ උරුමේ රැකිල්ල.

:       83       57

පූජා වට්ටියSaturday, 22 January 2022 03:12 PM

දහමේ හරය නොදත්කම නිසා සහ අන්ධ භක්තිය නිසා ආහාර නාස්තිකරන ජාතියක් මේ ලෝකේ වෙන කොහෙවත් නෑ පිටිගල අංකල්..

:       48       22

පිටිගල මිලානෝ Saturday, 22 January 2022 05:14 PM

දානේ නොදුන්නේ නම් සියල්ල අතහැර සිවුරු දෙකක් සහ පාත්‍රයක් උරුමය කරගත් සසර විමුක්තිය උදෙසාම තම කාලය සහ ශ්‍රමය වැයකරන මුනිවරුන් වළඳන්නේ මොනවද...?

:       0       14

BamunuarachchiTuesday, 25 January 2022 06:48 PM

විකාරයෙන් දොඩවනවාද?

:       0       0

අන්කල් ජොන්සන්Saturday, 22 January 2022 07:41 PM

එහෙම ඔබ කියන ආකාරයේ යතිවරයාණන් වහන්සේලා දැනුත් ඉන්නවා. හැබැයි බණ පොත්වල...

:       43       10

බකට් හැරී - මරදාන Saturday, 22 January 2022 03:06 PM

බුදුන් දවස වැඩ උන්නේ උන්වහන්සේගේ ධර්මය දැක ශාසනයට ඇතුළු වූ භික්ෂූන් වහන්සේලායි. වර්තමානයේ මෙරට වැඩිපුරම තිබෙන්නේ දුෂ්කර පළාත්වල ආර්ථික අපහසුකම් නිසා, පවුලේ දරුවන් ගණන වැඩි නිසා, කුටුම්බියේ ඇති අසමඟිකම් නිසා අවතැන් වූ නිසා හය හතර නොතේරෙන කුඩා දරුවන් පැවිදි කිරීමක්... මේ දරුවන් ධර්මය ඉගෙන ගන්නේ විෂය නිර්දේශයක් හැටියටයි. ඔවුන්ට ඇත්තටම නිවන් දැකීමේ වුවමනාවක් තිබෙනවද? හොඳින් සිතා බලන්න..! මෙය බලහත්කාරයක්...! ඔවුන්ට ලෝකය දැක, ජීවිත අත්දැකීම් ගෙන පසුව කැමැති නම් සසුනට ඇතුළත් වීමටයි මඟක් හැදිය යුත්තේ... කුඩා දරුවන් පැවිදි කිරීම නිසා එක්තරා අතකට සිදු වන්නේද ශාසන පරිහානියක්...!

:       11       24

අප්පුහාමි Saturday, 22 January 2022 05:48 PM

22 දින දහවල් රූපවාහිනී පුවත් බලද්දි හිතුණා මරදානේ බකට්හැරී කියන්නේ ඇත්ත කියලා. එහිදී මම දැක්කා මහා නායකයින් කියාගන්නා පිරිසක් වන්දිභට්ට වැඩේ ජයටම කරනවා. කාටහරි පුළුවන් නම් 1972 වර්ෂයේ ලියා ඇති ගෝචර පල රහස් හා ග්‍රහ රාශි චාරය පොතේ 21 වැනි ශත වර්ෂය ලිපිය කියවා බලන්න. ඒ අතරම රංගිරි ගුවන් විදුලියේ උදෑසන වැඩ සටහන් අසා සිටින්න. ඒවායින් වත්මන් කාලයේ සිදුවීම් අතීතයේ පෙන්නා දී ඇති බව පැහැදිලියි.. තවත් කොසොල් රජුගේ සිහින 16ද මේ බව පෙන්නාදී ඇත.

:       33       17

විෂ්ණු Saturday, 22 January 2022 03:44 PM

ඒකනම් අපට දැන් හොඳටම පෙනෙන්න තියෙනවා මහත්තයෝ... ඉස්සර වෙලාම කියන්න අයියට ඔය මිථ්‍යාදෘෂ්ටිය ඔලුවෙන් අයින් කරගෙන පිරිසිදු දහම පිළිපදින්න කියලා. එතකොට කොහේවත් නැති පූජකයින් ප්‍රකෝටිපතියන් කරන්න බරට බරක් රත්තරන් පූජාකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කලින් වගේ අපේ ඒවා ගන්න අමාරු නිසා පිටරටවල් වලින් ජෙට් යානා ගෙන්වාගෙන විශාල මුදලක් වියදම් කරගෙන එහෙ මෙහෙ වන්දනාවේ දුවන්න වෙන්නෙත් නැහැ. රටටත් හොඳයි, සාක්කුවටත් හොඳයි. මොන ක්‍රමේට හරි කොහෙන් ගසා කෑවත් රටේ සල්ලිනේ මහත්තයෝ... එතකොට ඔය නඩුවලට නොමිලේ පෙනී ඉඳලා තොරතුරු සේරම දැනගත්තාට පස්සේ අවමාන, තර්ජන කරයි කියලා බයෙන් දීපු තනතුරු එහෙම තියෙනවා නම් ඒවත් නැති කරලා දාන්න. සිංහල බෞද්ධකම පට්ට ගැහිල්ල නවත්වලා ඒ වැඩේ අවංකව හරියට කරනවා කියලා පෙනෙන්න මොනවාහරි දෙයක් කරන්න. හමුදාවේ බටයින් ලවා "බෞද්ධ ඩිස්නිලන්ත" හදවනවා වගේ ඇස්බැන්දුම් වලින් නම් වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ. තව වැඩි කාලයක් නෑනේ...

:       90       26

Kumara Saturday, 22 January 2022 04:25 PM

මෙන්න ආයෙත් සැරයක් කියනවා...

:       46       24

BamunuarachchiSunday, 23 January 2022 07:45 AM

මොකක්ද ආයිත් සැරයක් කියන්නේ? ඕක හැමදාම සිංහලයාට කියා දිය යුතු දෙයක්.

:       10       1

Sriland Saturday, 22 January 2022 04:55 PM

ඔබතුමාගේ උත්සාහයට ජයවේවා.., අපි බලාපොරොත්තු වෙන්නේ සුද්දන් මෙතනට ගන්න කළින් අපිටම උරුම වූ අපේම දේවල් නැවත ලබාගැනීම... නැතිව පන්සල් හැදීම, හුණු ගෑම වගේ දේවල් නෙවෙයි.

:       32       23

mp Saturday, 22 January 2022 05:50 PM

අර පරුෂ වචන කියන චීවරධාරියාට දුන්නු තනතුර ගලවන්න පුළුවන්ද?

:       44       26

Buddika Saturday, 22 January 2022 06:28 PM

රට විනාශ කරලා සම්පත් චීනෙට විකුණලා ආර්ථිකය නැතිකළා. ඉතිහාසයේ දුර්වලම සහ අසාර්ථකම පාලකයා. ඒ නොහැකියාව වහගන්න ආගම පෙරට දැම්මට වැඩක් නෑ. හේතුව මිනීමරුවන් නිදහස් කරලා ඔවුන්ට තනතුරු දුන්නෙත් මෙයාමයි. මේ නමවත් නැවත ලංකාවට එපා.

:       42       35

BamunuarachchiSunday, 23 January 2022 07:51 AM

ඉපදුනේ ඊයේ පෙරේදාද? ඔයටික ඔක්කොම කලේ ජෙප්පෝ. ඔන්න අද ප්‍රසිද්ද පුවත් පතක කතුවැකියේ තිබෙනවා ජෙප්පෝ රට විනාසකල හැටි. ජෙප්ප්න්ගේම පල් හෑලි කියවන්නේ නැතුව කියවන්න පලවෙන වැදගත් ලිපි. කලින් හිටපු පාලකයින්ගේ හොනදකම නිසා තමයි පල්ලිවල බෝම්බ පිපිරුවේ. කතාකොරනවකෝ ඒ ගැනත්. ගොබ්බ්කම ලෝකෙට පෙන්වන්න එපා.

:       11       1

ගමේ එකාලා Saturday, 22 January 2022 07:09 PM

සිංහල, බෞද්ධ උරුමය ඉස්සරහට දාලා ආයේ ජනතාව අන්දවන්ඩ වගේ හදන්නේ.

:       0       5

සුනිමල් . ආර්Monday, 24 January 2022 06:50 AM

ඒක ඒ කාලයේ ඉඳන්ම තියෙන දෙයක්.. ගිහියන් කෙසේ වෙතත් ශ්‍රමණ වේශධාරීන් ඔය දේ කරන්න නරකයි. දැන් සමාජ මාධ්‍යවලින් හිඟාකන තැනට වැටිලා ඇතැමුන්...

:       0       0

ganegoda Saturday, 22 January 2022 07:11 PM

දැන් කොහෙද ඔය කියන බෞද්ධ රට තියෙන්නේ. අපත් ලංකාවේ.

:       0       3

පාතාල අඳුන Saturday, 22 January 2022 07:53 PM

2022 වර්ෂය තුලදීම නුදුරු අනාගතයේදී රාවණා නිරිඳුන් මහා නිද්‍රාවෙන් අවධි වෙලා භාවනායෝගීව ඉන්න හිමාලයට වඩිනවා. එයින් දෙපෝයක් ගෙවෙන්න මත්තෙන් දියසෙන් කුමරු ( ඔරිජිනල් ) පහල වෙනවා. එම පාලනය ගැන පසුව සවිස්තරව ලියමි. නාථ දෙවියන්ගේ පින් මහිමයෙන් සියළු රෝග ව්‍යාධි දුරු වෙනවා. එයින් මත්තට මුළු පෘථිවි ධාතුවම පාලනය වන්නේ මේ සිරිලක් බිමෙන් විහිදෙන දියසෙන් ආඥා බලයෙන්. කැළණි ගං පතුලෙන් මතුවන නාගයන් දේශයේ මතු මුර දේවතාවන් වන අතරම අරහතුන් වහන්සේලා දශ ලක්ෂ ගණනින් බිහිවෙන කාලයක් උදා වෙනවා. අවසානයේ මිත්‍යා මත පරදා බුදුන් උපන්නේ ලංකාවේ බව රාවණා තම දූතයන් මඟින් යුනෙස්කෝව දැණුවත් කරනවා. සියළු දෑ අවසානයේ හෙළ වාසීන්ගේ පරමායුෂ වර්ෂ 120 දක්වා ඉහල යනවා. ඔබ සැමට පරලොව ඉන්නා නෑ හෙල යකුන්ගේ පිහිටයි ! අනන්ත වූ විශ්ව ශක්තියේ පිහිටයි !

:       2       2

දියසේන රිටර්න් Saturday, 22 January 2022 07:59 PM

දියසේන යනු දියෙන්එන සෙනෙවියාට කියන නාමයකි. මෙරට මිනිසුන් හිතන දියසේන යනු මෙරට වැසියෙකු නොවේ. ඒ වනාහි ඉන්දියාවට සහ ඇමෙරිකාවට එරෙහිව චීනය මේ සාගර කලාපයට එවනා මහා යුද්ධ නෞකා බලඇණියේ ප්‍රධාන අණ දෙන නිලධාරියායි. හෙතෙම රුහුණු මාගම්පුර වරාය කේන්ද්‍ර කරගනිමින් තම වාසස්ථානය තනවා පසුව පෝර්ට් සිටියේ තම උපායික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවා මේ ද්වීපය තුළ තම බලය පතුරුවා හරියි. සැබැවින්ම මේ චීන ජාතිය මේ රට දියුණු කරන අතරම අනාගතයේදී කණ අත්සන පවා චීන භාෂාවෙන් තබන්නට දියසේන අණ කරනවා ඇති.

:       0       2

Kamal Saturday, 22 January 2022 09:12 PM

බෞද්ධ උරුමය රකින්න තමා මාසෙට සැරයක් තිරුපති කෝවිලට දුවන්නෙ.

:       0       7

Kapila Saturday, 22 January 2022 10:20 PM

හැමෝගෙම වගකීම පාලකයින්ට කඩේ යාම නොව හරි මග පෙන්වීමයි.

:       0       5

Demuni Uduwara Sunday, 23 January 2022 06:25 AM

සිංහල බෞද්ධ උරුමය විනාශ වී නැත

:       0       3

Bamunuarachchi Sunday, 23 January 2022 07:32 AM

එක ජාතියේ අවශ්‍යතාවයක්?

:       6       0

Bamunuarachchi Sunday, 23 January 2022 07:35 AM

සිංහල බෞද්ධ උරුමය රැකුනොත් රටේ ක්‍රිස්තියානි උරමය රැකෙයි.

:       7       1

Surain Sunday, 23 January 2022 10:22 AM

මගේ ජිවිත කාලෙටම මෙතෙක් දැකපු අනුවනම හා රුවිතෙට වැඩ කරන කෙනා නේද.

:       0       6

nihal Sunday, 23 January 2022 10:42 AM

ඉස්සෙලම ජනතාව රැකිය යුතුය.

:       1       3

sam Sunday, 23 January 2022 11:07 AM

පව්. බැරිකම වහගන්න මෙයා ආයෙත් සිංහල බෞද්ධ කියලා බයිලා කතාවක් ගේන්ඩ හදනවා.

:       0       7

fairoos Sunday, 23 January 2022 01:27 PM

ඒක හොඳයි

:       0       1

BamunuarachchiMonday, 24 January 2022 08:33 AM

හොඳයි නොකියා වෙන මොනවා කියන්නද? සිංහල ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ජාතියක් ජන්මයක් නැති ජෙප්පන්ගේනුත්, උතුරෙන් පන්නපු හම්බයින්ව දකුණට වැද්දාගත්ත එජාපයොත් පන්නා අපේ ජාතික අනන්‍යතාවය රැකගන්න. හම්බයින්ට රැකවරණය දෙන්නේ ජෙප්පොයි, සජබයෝයි, එජාපයෝයි. ඒ නිසයි අපි ඔවුන්ට ඡන්දයක් නොදෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site