
(ෂේන් සෙනෙවිරත්න)
අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර පොලිස් වසමේ ගාල්තැන්න පාරේ දළුක්ගොල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිට ඇති මෙම අමෙරිකානු ජාතිකයා 2023-12-31 වැනිදා මෙරට වීසා ලබාගෙන පැමිණ ඇති අතර ඔහුගේ වලංගු වීසා කාලය 2024-03-30 වැනි දින කල් ඉකුත් වී ඇති අතර මෙරට රැඳී සිටීමට වීසා යාවත්කාලීන කර නොගෙන ඔහු රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
ඔහුගේ අමෙරිකානු ගමන් බලපත්‍රයේ ආරියරත්න සංජීව සේනක ආරියරත්න වශයෙන් නම සඳහන්ව ඇති අතර 2024-12-21 ගාල්තැන්න පාරේ හෝටලයට පැමිණ ඔහු වැඩි වශයෙන් එහි කාමරය තුළ රැඳී සිටිමින් ලැප්ටොප් පරිගණකය භාවිතා කරමින් සිට ඇති බව හෝටල් සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි
chandima Monday, 06 January 2025 04:08 AM
අමතක කරන්න එපා. අමෙරිකාවේ කැමති කෙනෙකුට කැමති නමක් වෙනස් කරගන්න පුලුවනි. අවශ්‍ය නම් සිංහල මිනිහෙකුට හෙට ට්‍රම්ප් කියල වුණත් නම වෙනස් කරගන්න පුලුවනි.
Lankabarana Monday, 06 January 2025 06:27 AM
සිංහල නම් හතරක් තිබුණා කියලා සිංහල නමක් වෙන්නේ නැහැනේ... සිංහල ක්‍රමයටත් නම සැකසෙන්නත් ඕනෑ නේද?
ගුණරත්න Monday, 06 January 2025 09:34 PM
ඇමරිකානු ගමන් බලපත්‍රයක් තිබෙන ලාංකික සම්භවයක් ඇති මනුස්සයෙක් නම් සිංහල නමක් තියෙන එක අමුතු දෙයක් නෙවෙයි නේ. එහෙම උදවිය කොපමණ ඉන්නවද?