
(ෂේන් සෙනෙවිරත්න)
අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර පොලිස් වසමේ ගාල්තැන්න පාරේ දළුක්ගොල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිට ඇති මෙම අමෙරිකානු ජාතිකයා 2023-12-31 වැනිදා මෙරට වීසා ලබාගෙන පැමිණ ඇති අතර ඔහුගේ වලංගු වීසා කාලය 2024-03-30 වැනි දින කල් ඉකුත් වී ඇති අතර මෙරට රැඳී සිටීමට වීසා යාවත්කාලීන කර නොගෙන ඔහු රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
ඔහුගේ අමෙරිකානු ගමන් බලපත්‍රයේ ආරියරත්න සංජීව සේනක ආරියරත්න වශයෙන් නම සඳහන්ව ඇති අතර 2024-12-21 ගාල්තැන්න පාරේ හෝටලයට පැමිණ ඔහු වැඩි වශයෙන් එහි කාමරය තුළ රැඳී සිටිමින් ලැප්ටොප් පරිගණකය භාවිතා කරමින් සිට ඇති බව හෝටල් සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක කරන්න එපා. අමෙරිකාවේ කැමති කෙනෙකුට කැමති නමක් වෙනස් කරගන්න පුලුවනි. අවශ්‍ය නම් සිංහල මිනිහෙකුට හෙට ට්‍රම්ප් කියල වුණත් නම වෙනස් කරගන්න පුලුවනි.
සිංහල නම් හතරක් තිබුණා කියලා සිංහල නමක් වෙන්නේ නැහැනේ... සිංහල ක්‍රමයටත් නම සැකසෙන්නත් ඕනෑ නේද?
ඇමරිකානු ගමන් බලපත්‍රයක් තිබෙන ලාංකික සම්භවයක් ඇති මනුස්සයෙක් නම් සිංහල නමක් තියෙන එක අමුතු දෙයක් නෙවෙයි නේ. එහෙම උදවිය කොපමණ ඉන්නවද?