IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිංහබාහු පෙන්නන්න ඇවිත් අන්දරේලා පෙන්නනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පහු බැස ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආණ්ඩුවේ අයවැය විවාද වල ආදායම වැඩි කරන මාර්ග ගැන ලොකු කතා කිව්වේ නැහැ.පොහොසත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ දේශීය නිෂ්පාදනය කරන කිරි, බිත්තර, පාසල් උපකරණ, කෘෂි උපකරණ, පොහොර ආදී දේ රැසක් සඳහා වැට් බදු බිංදුව කරන බව මැතිවරණයේදී පැවසුවා.මේවා අහලා ගොඩක් මිනිස්සු ඡන්දෙ දුන්නා.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත් සීයට පහළොවක බද්දක් ගහලා.ආණ්ඩුවේ පොරොන්දු එකින් එක අද වන විට කැඩී ගිහින්. අද වනවිට මහ බැංකුව වෙනුවට බටලන්ද ගෙනත්. ඒක වෙන අතක යනවා.

ලක්ෂ 68ක් ටිකට් ගත්තේ සිංහබාහු බලන්න.නමුත් පෙන්නන්නෙ අන්දරේලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය. 



අදහස් (12)

සිංහබාහු පෙන්නන්න ඇවිත් අන්දරේලා පෙන්නනවා

සෙනෙවිරත්න Friday, 21 March 2025 03:55 PM

තමුන්ලගෙ අන්දරේ නම් නියමෙට රඟනවා, පරාදවෙච්ච එක ගැන දුකට මොනව හරි කියනව, ඔය කියන අප්පුහාමිලගෙ කාලෙ අපි බැලුවෙ නරිබෑන ,ඕව අමතක නැහැ. අඩුමගානෙ රටේ සියලුම අංශවල හැදියාවක් වෙච්ච බවත් එය සාධනීය පැත්තට වෙන බවත් පාලක පන්තියේ දේශපාලඥයන් සම්පූර්ණයෙන්ම ජනතාකරනය වෙච්ච බව පිළිගන්න ඕන. මේ කෙඳිරිය පරණ ක්‍රමය ගෙනියන්න කවදාවත් ඉඩක් නොලැබෙන බව දන්න නිසා වෙන අඳෝනාව.

:       59       45

කෞෂි Friday, 21 March 2025 04:02 PM

අන්දරේ? මේ මොනවාද මේ කියන්නේ..! හම්බවෙයි ලොක්කාගෙන්...!

:       48       30

පිටරටවැසියා Friday, 21 March 2025 04:11 PM

එක පාරම සිංහබාහු බලන්න බෑනේ... ඒක හින්දා රටේ ජනතාව මුලින්ම අන්දරේ බලලා, පස්සේ සිංහබාහු බලයි. ඔයගොල්ලෝ ගමරාලත් එක්ක අලි නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ යන්නකෝ...

:       32       37

ගමේ එකාලා Friday, 21 March 2025 05:21 PM

තමුන්ගේ නායකයාට ඒ මොකවත්ම බැරිබව පහුගිය කාලේ පුරාවටම අපි දැක්කා. අන්තෝජටා බහි ජටා...?

:       33       28

Siri Friday, 21 March 2025 05:25 PM

සමච්චලයට කීවා වුණාට උපහැරණය මුළුමනින්ම වැරැදියි. මෙයා නම් සිංහබාහු හරි, අන්දරේලා හරි දැකපු කෙනෙක් වෙන්න බැහැ...!

:       31       23

ravin Friday, 21 March 2025 05:30 PM

දැන් ඔහේට හරියන්නේ සිංහබාහුගේ තොප්පියද? නැතිනම් අන්දරේගේ තොප්පියද?පාර්ලිමේන්තු ආහාර වේලේ මිල අඩු කලොත් කොයි තොප්පියද දාගන්නෙත් කියලා කියන්නකෝ...!

:       25       20

Mo Friday, 21 March 2025 06:35 PM

සිංහබාහු බලන්න ඕනෑම නම් ජනාධිපති අනුර සහෝදරයගේ ඡායාරූපයක්‍ දෙස බලන්න. අන්දරේ බලන්න ඕනෑම නම් විරුද්ධ පක්ෂ නායක දෙස බලන්න. අන්දරේ යනු අසීමිත හැකියාවන්ගෙන් පිරුණු මිනිසෙක්... ඒත් මේ විරුද්ධ පක්ෂනායත පූර්ව ළමා වියවත් සපුරපු නැති අයෙක්...

:       28       21

පොඩිඑකා Friday, 21 March 2025 10:47 PM

හරි හරි අපි ඒවා බලාගන්නම්, ඔහේ විපක්ෂෙ අනිත් බයියෝ ටිකත් එක්ක ගිහිං ‘මල්වඩම් අ(න)වශ්‍යයි’ බලන්න.

:       26       17

ලූට මූස් Friday, 21 March 2025 10:54 PM

ඔයාලගෙ බොසා ‘දෙව්ලොව යනකං’ පෙන්නන්න ටිකට් විකුණලා අන්තිමට ගත්තු අයට බලන්න වුනේ ‘දෙයියෝ සාක්කි’….!

:       21       4

ප්‍රියන්ත Friday, 21 March 2025 10:56 PM

අනේ අපිට ඒ හොඳයි., අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට ‘ අලිබබා සහ හොරැ හතලිහ’ බලලා ඇතිවෙලා හිටියේ…!

:       18       10

Perera Saturday, 22 March 2025 03:08 AM

තමුන්ලාගේ මහදැනමුත්තා ඉන්න පුටුවෙන් බැහැලා ගිහින් තමුන්ලා වගේ ගෝලයොත් එක්ක කරන්න බැහැ කියලා.

:       0       0

Amila Sunday, 23 March 2025 05:56 AM

බේසමේ කිඹුල්ලු ඉන්නවද බලන්නේ නැතුව ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site