(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හතරළියැද්ද පොළ භූමියේ පැවැති සංගීතයක් නැරඹීම සදහා පැමිණ සිටි පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පාසල් සිසුවකුට පහරදී කලහකාරී ලෙස හැසිරුණු සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව හතරළියැද්ද පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හතරළියැද්ද, පැලැන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි රියැදුරෙකි.
හතරළියැද්ද පොළ භූමියේ පැවැති සංගීතයක් නැරඹීම සදහා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබු අතර එහිදී ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර අරවුලක් ඇතිවී එය ගැටුමක් බවට පත්වී ඇති බව පොලිසිය පවසයි.
එහිදී පහරකෑමට ලක්වූ සිසුවකුගේ පියකු විසින් තවත් සිසුවකුට පහරදී එම පරුෂ වචනයෙන් බැනවදිමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි හතරළියැද්ද පොලිසියේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම පුද්ගලයා පොලිස් බාරයට ගැනීමට යාමේදී නිලධාරීන්ට බැන වදිමින් සාපරාධී බලහත්කාරය පා ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව සැකකරුට ඇතිවූ බව කියන හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කළ බවද පොලිසිය පවසයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි හතරළියැද්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නානායක්කාර මහතා ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිසුවාට පහර දුන් පියා අත්අඩංගුවට
Hasith Tuesday, 28 January 2025 01:45 PM
මේ විවෘත සංගීතය දැන් කරුමයක් වෙලා... එන මනුස්සයෙක්ට වින්දයක් ලබන්න බෑ.. ගොන් චන්ඩි තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන තැනට පත් වෙලා...
සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:06 PM
අනේ අපේ අගමැතිතුමියනි, අපේ ළමයි මේ වුවදුරු වලින් බේරාගන්න! අපේම අගමැතිනියට ජයවේවා!