
(උපාලි ආනන්ද)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදු කළැයි කියන විදුහල්පතිවරයා, මේ මස 11 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා නියෝග කළේය.
පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවත්වා ඇති වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මැදිරිගිරිය පොලිසියට නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද තව දුරටත් නියෝග කෙරිණ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ, පොළොන්නරුව කවුඩුළුවැවෙ ටී.ජී රෝහිත කමල් ධර්මසේන නැමැති නැමැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොඳ තීරණයක්... සමහර ගුරුවරුන් ගෙවල්වල තියෙන අඩ දබර මානසික පීඩන දරුවන්ට හරි වද දීලා පිරිමහ ගන්නවා. අපේ පුතා පාසලින් අස්කර ගත්තේ එම ගුරුවරිය තුන වසරේ දරුවන්ට සත්තුන්ගේ නම් වලින් කතා කරන්නේ..!
පොඩි මරැටියෝ බණ කියල හදන්න බැහැ, උන්ට දඬුවම් දෙන්න ඕන, කටගහගෙන ආව එකකට කනට දෙකක් දෙන්න ඕන කිව්වම දිස්ලයික් දාලා තිබ්බේ මේකෙම ඉන්න මෝඩ හැත්ත. දැන් ඉන්න පොඩි උන් දෙයක් කියල තේරුම් ගන්න උන් නෙවෙයි. බණ කියල හිතුවක්කාර පොඩි එකෙක්හට දේවල් තේරම් කරන්න පුළුවන් කියල හිතනවා නම් ඒකා හරකෙක්.