IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සේසතම නැති වූ අයට ජීවනෝපායක් ලැබෙන තෙක් පනස්දාහක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආපදාවෙන් නිවාස නැති වී කඳවුරු වල සිටින උදවියට කුලී නිවසකට යාමට අවශ්‍ය නම් මාස තුනක් දක්වා රුපියල් 25000 බැගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජීවනෝපායක් සකසා ගන්නා තුරු ඔවුන්ට මාස තුනක් යනතුරු රුපියල් 50000 බැගින් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිවස ආපදාවට ලක්වී අර්ධ වශයෙන් හානි වී තිබේ නම් පිළිසකර දීමනාව ලෙස උපරිම ලක්ෂ 25 බැගින් ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.

හානි වූ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා ලක්ෂ පනහක හානි පූර්ණ දීමනාවක් දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වී ධාන්‍ය, බඩ ඉරිඟු ආදී වගා හානි සඳහා හෙක්ටයාරකට එක් ලක්ෂ පනස්දාහ බැගින්  ලබා දෙන බව කී ජනාධිපතිවරයා එළවලු වගාව සඳහා හෙක්ටයාරයකට ලක්ෂ දෙක බැගින්  දීමනාවක් දෙන බව සඳහන් කළේය.

ආපදාවට ලක්වූ ලියාපදිංචි  සත්ව පාලන ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ද ලියාපදිංචි කර තිබෙන සියලු ව්‍යාපාර සඳහා රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් අප ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලියාපදිංචි ඕනෑම ධීවර  බෝට්ටුවක් සම්පූර්ණයෙන් හානියට වී තිබේ නම් රුපියල් ලක්ෂ හතරක  දීමනාවක් දෙන බව කී ජනාධිපතිවරයා ආපදාවට ලක්වූ පාසල් සිසුන් සඳහා රුපියල් 25000 බැගින්  දීමනාවක් දෙන බව සඳහන් කළේය.

අපදාව නිසා ඉඩම අහිමි වී හෝ ඉඩම අවදානම් නම් රජයෙන් ඉඩමක් හෝ  ලක්ෂ පනහ දක්වා දීමනාවක් ලබා දෙන බව ජනාධිපතිවරයා කීය.

මියගිය අයගේ ඥාතීන්ට මියගිය අය වෙනුවෙන් ලක්ෂ දහය බැගින් ලබා දෙන්නට කටයුතු කරන බවත් ගංවතුරෙන් අවතැන් වූ හැම නිවසකටම  රුපියල් 25000 බැගින් දෙන්නට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට ආපදා හේතුවෙන් නිවාස 5165ක් විනාශ වී ඇති අතර නිවාස 57312ක් අර්ධ හානි වී තිබෙන බව සඳහන් කළේය.පවුල් 55747ක පුද්ගලයන් ලක්ෂ දාහතකට අධික පිරිසක් ආපදාවට මුහුණ දී ඇතැයි ද ජනාධිපතිවරයා කීය.



අදහස් (1)

සේසතම නැති වූ අයට ජීවනෝපායක් ලැබෙන තෙක් පනස්දාහක්

මාර සිරී Friday, 05 December 2025 08:49 PM

සේසත් දෙක තුනක්ම නැතිවුණොත් මක්කෙයි කරන්නේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site