
(අංජුල මහික වීරරත්න)
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර දැනට පුරප්පාඩුව පැවැති අතර ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරි කේ. එස්. දිල්හානි මහත්මිය පත් කිරීම සුදුසු බවට හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, කේ.එස්. දිල්හානි මහත්මිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දක්ෂ නිලධාරිනියක්.
ඔය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කෙනෙක් හැටියට ඇහැලියගොඩ හිටපු උප දිසාපතිතුමා 1982 පමණ ඇහැලියගොඩින් මාරුවක් අරගෙන ගියා කියල රත්නපුර කච්චේරියේ හිටපු කෙනක් හැටියට මතකයි ඒත් දෙපාර්තමේන්තුවේ 1982-88 කාලයේ හිටපු අධ්‍යක්ෂ කෙනෙක් නැහැ එතුමා හිටපු තැනත් නැහැ මට මතකයේ හැටියටනම් එතුමා අනූගණන්වල ජීවත්ව හිටියෙ නැහැ ලක්ෂ්මන් පෙරේරා මහතා ඇඹිලිපිටියේ හිටපු උපදිසාපතිතුමා තමයි
1982 පමණ ස්ථාන මාරුවක් ලැබී සංස්කෘතික අධ්‍යක්ෂ ලෙසට ඇහැළියගොඩින් ගියේ W.D.W අබේවර්ධන මැතිතුමා කියල කියන්න පුලුවන් එතුමා සංකෘතික අධ්‍යක්ෂ වෙලා හිටපු කාලයේ අධ්‍යක්ෂ කෙනෙක් නැහැ කියලා දෙපාර්තමේන්තු වෙබ්සයිඩ් එකේ පෙන්වනවා