
(අංජුල මහික වීරරත්න)
1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.
ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ “සුවසැරිය” ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යනු ලබයි.
මෙහිදී සුවසැරිය ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී හදිසි විදාන සහ පාලන අංශය, දුරකථන ඇමතුම් සම්බන්ධතා ඒකකය ඇතුළු අංශ කිහිපයක් මෙන්ම “සුවසැරිය” ගිලන් රථයක් ද අමාත්‍යවරයාගේ පුළුල් නීරීක්ෂණයට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මේක අපේ වැඩක් කියලා කිව්වේ නැහැ තවම. නැත්නම් අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන කට්ටියක්නේ මේ.
රනිල් මහත්තයා ඕක හදුන්වා දුන් කාලයේ විපක්ෂයේ හිටපු රාජපක්ෂ ගැත්තෝ බොරු කෝල් දීලා ගෙන්වා ගෙන හූ කියලා ගල් ගහලා එලවා ගත්තා. ඉන්දීය රහස් ඔත්තු සේවයේ කුමන්ත්‍රණයක් යැයි ජෙවිපිය ප්‍රචාරය කළා. දොස්තර පාදෙණිය දැවැන්ත වැඩවර්ජනයක් කරන බවට තර්ජන කළා. අද පෙනෙනවානේ රනිල් මහත්තයා කලොත් දෙයක් හොඳට දුර බලලා රටේ යහපතටමයි කියලා. ඒ දුර දැක්ම මේ කිසිම කෙනෙකුට නෑ.