
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ පවතින සමහර ඖෂධ වල හිඟයට හේතුව ගෙවුණු 2024 වසරේ නියමිත කාලසීමාව තුළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තීන්දු තීරණ නිසියාකාරව නොගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2025 මෙම වර්ෂයට අදාලව ඖෂධ මිල දී ගැනීම සඳහා 2024 වසරේ පළවෙනි මාස පහේ දී ම ටෙන්ඩර් කර ඇත්තේ ඖෂධ වර්ග 67 ක් පමණක් බවද අමාත්‍යවරයා කීය.
පසුගිය වසර කිහිපයේ ප්‍රම්පාදන ක්‍රියාවලිය අතරමග නවත්වා තිබුණු ඖෂධ වර්ග 233 ක් සඳහා මේ වන විට ටෙන්ඩර් ලබා දී තිබෙන බවත්, 2025 මෙම වසරේ පළමු මාස 5 තුළ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ වර්ග 233 ක් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දි වැඩිදුරටත් පැවසී ය.
රජයේ රෝහල් පද්ධතියේ භාවිතා කරන ඖෂධවලින් 65% ක් මෙරටට ආනයනය කරන ඖෂධ වන බවත්, එමෙන් ම 35% ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බවත් අමාත්‍යවරයා කීය.
ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට ආරම්භක අවස්ථාවේ සිට ඖෂධ ලබාගෙන බෙදා හැරීම දක්වා මාස 9 ක පමණ දීර්ඝ කාලයක් ගතවන අතිශය සංකීර්ණ කාර්යක් බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේ ය.
කොළඹ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අඩුපාඩු අනුන් පිට පටවනවා. පත්වෙලා මාස 7කට පස්සේ තමයි ඛෙහෙත් හිඟ බව දන්නේ...
අනුන්ට දොස් පැවරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නෑ. තමන්ගේ කාර්ය භාරය ඉටුකරන්න...
රට ස්ථාවරයි කියන්නේ බොරුවටද? රට අස්ථාවර කාලේ වුණු දේ තවමත් වෙනවාද? දැන් තියෙන්නේ පුනරුද ආණ්ඩුවක්ද..? ඒ යටතේ ස්ථාවර රටක බෙහෙත් ගෙන්වන්න මාස නමයක් යනවා නම් ඒක කෙප්පයක්...
මං මේ බැලුවා රිලව් පැනලාද කියලා ගබඩා වලට. නෑනේ. පරණ ආණ්ඩුවල වැරදියිනේ...
අපේ ගමේ කෙනෙක් ළඟදී ඔපරේෂන් එකකට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 5ක් ඉල්ලුවාම දෙන්න බැහැ කියලා නලින්දයා ලියුමක් එවලා, හැබැයි ඕනේ නම් මැරුණාට පස්සේ පුර්ණ රාජ්‍ය ගෞරව ඇතිව අවමගුලක් නිදහස් චතුරශ්‍රයේ තියන්න සල්ලි දෙන්න පුළුවන් කියලා...!
වැඩ බැරි උන් බැරිකම වහගන්නේ අනුන්ට දොස් පවරලා, කොටින්ම කිව්වොත් සිංහල මිනිස්සු කියන්නේ නටන්න බැරි එකාට පොළොව ඇදයි කිව්වා වගේ කියල, එහෙම කියල තියෙන්නේ කට කහනවට නෙවේ, මේ මාලිමාවුන් වගේ ජීවිතේට වැඩක් නොකරපු උන් ගැන තමයි කියල තියෙන්නේ