IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සුව ඇමති ඖෂධ බලධරයන් එක තැනකට කැඳවයි

(අංජුල මහික වීරරත්න)

හිඟයකින්, ප්‍රමාදයකින්, තොරව අඛණ්ඩ ව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත්  විධිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම කටයුතු අඛණ්ඩව හා ක්‍රමවත්ව පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ඖෂධ හා සෞඛ්‍ය ආශ්‍රිත උපකරණ  සැපයීමේ කටයුතු වලට ඍජුව ම දායක වන සියලුම නිලධාරීන් සහ බලධාරීන් සමග පැවති හමුවකදීය.

ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති වන ප්‍රමාදයන් අවම කර ගනිමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳ ව කරුණූ සාකච්ඡා කිරීමේ හා දැනුවත්  කිරීමේ අරමුණින් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

ඖෂධ හා සෞඛ්‍ය ආශ්‍රිත උපකරණ  සැපයීමේ කටයුතුවලට ඍජුව ම දායක වන සියලුම නිලධාරීන් සහ බලධාරීන්  එක් ස්ථානයකට  රැස්කර ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති වන ප්‍රමාදයන් අවම කර ගනිමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳ ව කරුණූ සාකච්ඡා කළේ මෙරට සෞඛ්‍ය සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

සුව ඇමති ඖෂධ බලධරයන් එක තැනකට කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site