IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ස්වාභාවික විපතින් උන් හිටි තැන් අහිමි අයට අලුත් ගෙවල්

(අංජුල මහික වීරරත්න)

ස්වභාවික ආපදා වලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්‍රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩ සටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් තාවකාලික නිවාස වල දීර්ඝකාලීනව පදිංචිව සිටින 3,250 ක් පමණ වන වතු පවුල්, අදියර කිහිපයකින් යුත් සැලැස්මක් යටතේ සුරක්ෂිත ස්ථානයන්හි නැවත පදිංචි කරවීම අරමුණු කර ගනිමින් ' ස්වභාවික ආපදා වලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්‍රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන' 2025 වර්ෂයේදී ආරම්භ කර තිබේ. 

එම වැඩසටහන 2025-2027 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, එම කාල සීමාව තුල නව නිවාස ඒකක 1,400ක් ඉදි කර ප්‍රතිලාභී පවුල් පදිංචි කිරීමට සැලසුම් කර ඇත. 

වැඩසටහන සඳහා වන සමස්ත පිරිවැය රුපියල් මිලියන 4,500 ක් වන අතර, 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 1,300ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මේ වන විට එම වැඩසටහන යටතේ බදුල්ල, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ, කොළඹ, කළුතර, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල සුදුසුකම්ලත් ප්‍රතිලාභී වතු පවුල් 495 ක් සඳහා නිවාස ඉදිකිරීම සිදු කෙරෙමින් පවතී. 

මෙම වැඩසටහන යටතේ ආවරණය නොවන ඉතිරි පවුල් සඳහා ද නිවාස ඉදිකිරීම සඳහා විදේශ ආධාර සලසා ගැනීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මේ වන විට පියවර ගනිමින් සිටී. ඒ අනුව,ස්වභාවික ආපදා වලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්‍රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන 2027-12-31 දින දක්වා ක්‍රියාත්මක කිරීම සහ මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ස්වාභාවික විපතින් උන් හිටි තැන් අහිමි අයට අලුත් ගෙවල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site