
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී ටි 56 උණ්ඩ යොදා පරිහරණය කළ හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනි අවියක් , ටි 56 ජිව උණ්ඩ තොගයක් සහ ඩෙටනේටර් සොයා ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු මෙරටින් පලා ගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සළිඳු නමැත්තාගේ සමීපතමයකු බව පොලිසිය සඳහන් කරයි.
එම සැකකරු සමග රිවොල්වරයක හැඩයට සමාන ටි 56 වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනි අවියක් , ටි 56 ජිව උන්ඩ 24 ක් අඩි 2 -1/2 ක් පමණ දිගැති කඩුවක් , හා ඩෙටනේටර් 03 ක් පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් මාෆියාව තියෙනකන් කුඩු මාෆියාව මර්ධනය කරන්න බෑ.