IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සුරා බදු මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග ජාල ගත කරයි

(අංජුල මහික වීරරත්න)

සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවකදී සාකච්ඡා විය.

බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත යුතු බවද සාකච්ඡා විය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනිම යන කරුණු අරමුණු කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11)මෙම සාකච්ඡාව පැවැත්විණි .

මත්පැන් හා දුම්කොළ කර්මාන්ත විධිමත්ව නියාමනය කිරීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම, නීත්‍යානුකූල ආදායම් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම, නීති සහ රෙගුලාසිවලට අනුකූලතාව බලාත්මක කිරීම, නීති විරෝධී මත්පැන්, අන්තරායකර ඖෂධ සහ මනෝවර්තක ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව තියුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍ර‍මිතියෙන් තොර මද්‍යසාර භාවිතය මගින් සිදුවන සෞඛ්‍ය හානිවලින් ආරක්ෂා වීම  සහතික කිරීම හා ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා රට තුළ මත්පැන් සහ අනෙකුත් අනුමත මද්‍යසාර කාර්යක්ෂමව හා සඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.



අදහස් (1)

සුරා බදු මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග ජාල ගත කරයි

de silva Wednesday, 12 March 2025 01:51 PM

දැන් මේ ගොල්ලන් පගාව ගන්නේ වෙනවෙනම, ඉස්සරහට මේ ගොල්ලන් ජාලගත වෙලා දෙගොල්ලම එකට සංවිධානය වෙලා පගාව ගනීවි.., ජනාධිපතිතුමා ඔය ඔක්කොම හොරු, රට හදන්න නම් ඉස්සරවෙලා රහස් කණ්ඩායමක් යොදවලා මේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ සමීපතමයින්ගේ වත්කම්, බැරකම් සොයන්න ඕනේ, ඔවුන් මුදල් උපයාගත් ආකාරය සොයන්න ඕනේ..., එහෙම නොකර කොපමණ නීති දැම්මත්, බදු ගැහුවත් බදු අදායම් රජයට එකතු කරගන්න බැහැ... මේ ගොල්ලන් සාක්කුවේ දමා ගන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site