
(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් නිෂ්පාදන ආයතන දින අනූවකදී බදු සහ ගාස්තු සම්පූර්ණයෙන්ම නොගෙවන්නේ නම් එම මත්පැන් බලපත්‍ර ලාභියාගේ මත්පැන් නිෂ්පාදනය බෙදා හැරීම ඇතුළු සියලු බලපත්‍ර අත්හිටුවීමට විධිවිධාන සැලසෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සුරා බදු ගෙවීම පැහැර හැරීම අවම කිරීමේ අරමුණ ඇතිවය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුරා බදු එකපාර නොගෙව්වොත් ’’ලයිෂන්’’ තහනම්: ගැසට්ටුව පිටවේ
අරවින්ද මොණරවිල Thursday, 30 October 2025 01:49 PM
ලංකාවේ බදු ගෙවීම පැහැර හරින ලොකුම තක්කඩි ඉන්නේ එතනෝල් ව්‍යාපාරයේ, මිනිස්සු සල්ලි ගෙවලා අරක්කු අරගෙන ඒවා බීලා මුත්‍රා හැටියට පහ කරලත් ඉවර නමුත් ආණ්ඩුවට මොවුන් බදු සල්ලි දෙන්නේ නැහැ. ඒවාට හේතුව වුනේ එක්කෝ ඒවා දේශපාලකයන්ගේ එහෙම නැත්නම් ඔවුන් එක්ක තියෙන ඩීල් නිසා..
සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 30 October 2025 05:04 PM
මේ වගේ ප්‍රධාන හා ආර්ථිකයට විශාල බලපෑමක් කළහැකි ව්‍යාපාර හා අංශ කෙරෙහි රජය අවධානයට යොමුකළ යුතුයි. නැතුව වාහන වල කෑලි ගලවනවා වගේ සිල්ලර වැඩ නොකර... මෙවැනි මහාපරිමාණ ව්‍යාපාරිකයින් බදු නොගෙවීමට හේතු දාහක් කියලා යම් යම් අයගේ සහයෝගය මත ගෙවීම් පමා කරලා පසුව ව්‍යාපාරයේ පාඩු පෙන්නලා ඒවා බදු සහන වශයෙන් පොත්වලින් ඉවත් කරනවා. රජය දැඩි තීරණයක ඉඳලා මේ සිස්ටම් එක වෙනස් කරා නම් බදු ගෙවීමේ වගකීම ඔවුන්ගේ ඔලුවට යනවා. එහෙම තමයි සිස්ටම් හදන්නේ...
අරවින්ද මොණරවිල Friday, 31 October 2025 01:07 AM
එතනෝල් ව්‍යාපාරය වගේම වාහන බඩ් කරන හොර ව්‍යාපාර ගැනත් හොයන්න ඕනා ඒ විතරක් නොවෙයි පාතාලය ගැනත් මත්ද්‍රව්‍ය ගැනත් දූෂිත දේශපාලූවන් ගැනත් හොයන්න ඕනා ! එකක් හොයලා අනික අත අරින්න නොවෙයි අපි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව ගෙනාවේ.
Wije Thursday, 30 October 2025 08:45 PM
මෙයාලා සල්ලි ගෙව්වත්, ඊට වඩා වියදමක් යනවා අරක්කු සිගරට් බීලා ලෙඩ වෙන උන්ට බෙහෙත් කරන්න. අවුරුද්දකට රටේ 20,000ක් මේවා නිසා මැරෙනවා. වැඩිම මරණ සිගරට් නිසා. යුද්ධෙ නිසා අවුරුදු 30ටම මැරුනේ 80,000ක් විතර. මේ මිනීමරු සමාගම් අවුරුදු 4න් ඒ ටාගට් කවර් කරනවා.