
(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක් සිසුවෙකු අද (06) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන මාතර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි. අදාළ පහරදීම සම්බන්ධයෙන් තවත් සිසුන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතත බවද හෝමාගම පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය
එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොලක් තුළදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් ඉකුත්දා පහරදීම සිදුකර තිබුණේ අදාල සිසුවා විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානුෂික විදිහට පහර දෙන ක්‍රම ඉගැන්නුව නම් ඔහොම වෙන්නේ නැහැ.
ඔයා මාතර ද මමත් මාතර - අපි දකුනේ ඒකයි පහරදුන්නේ
වහාම ශිෂ්‍යභාවය අහෝසි කර විශ්වවිද්‍යාලවලින් පිට කර දමිය යුතුයි සහ පුද්ගලිකවත් විභහග වලට පෙනී සිටීම අහෝසි කළ යුතුයි. "නිදහස් අධ්‍යාපනය" කියා වලි කන අපේ බදු මුදලින් මෙවැනි මිනිස්සුන්ට අධ්‍යාපනය දෙන්න බෑ.