(ප්‍රසාද් රුක්මල් )

බබරකන්ද දියඇල්ල නැරඹීමට ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ හයදෙනකුගෙන් සමන්විත සිසුන් කණ්ඩායකම සිසුන් තිදෙනකු අද(29)පස්වරුවේ කැලෑවේ අතරමන්ව ඇති බවත් සිසුන් තිදෙනකු නිරුපද්‍රිතව පැමිණ ඇති බවත් හල්දුම්මුල්ල පොලිසිය පවසයි .

සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන මෙම සරසවි සිසුන් හයදෙනකු අද (29) හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල නැරඹීමට ගොස් ඊට ඉහලින් කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටි ලංකා ඇල්ල නැරඹීමට ගොස් ඇති බවත් පස්වරුවේ හදිසියේම පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමග අධික ජලපහරක් දියඇල්ලේ ගලාවිත් ඇතැයි පොලිසිය කීය .

හයදෙනෙකුගෙන් සමන්විත මෙම සිසු කණ්ඩායමේ සිසුන් තිදෙනෙකු දියඇල්ලෙන් නිරුපද්‍රිතව බේරි පැමිණ ඇති බවත්, සෙසු සරසවි සිසුන් තිදෙනා පැමිණිමට නොහැකි ව අතරමන්ව ඇති බවත් පොලිසිය සදහන් කළේය .

හල්දුම්මුල්ල පොලිසිය මේ වන විටත් එම අතරමන්ව සිටින සරසවි සිසුන් තිදෙනා සොයා ගැනිමේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවත් බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරි 1 රුවන් ප්‍රනාන්දු මහතා පවසයි .

කෙසේ වෙතත් දැනට පවතින වර්ශාවත් එම කටයුතු සදහා බාධාවක් වී ඇතයි පොලිසිය කියයි.