
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මේ ආණ්ඩුවේ ගජ මිතුරු දේශපාලනය නෑ කිව්වාට කැලණිය සරසවියේ,ජපුර සරසවියේ මිතුරන් ලේකම්වරු බවට පත්කර තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික බලවේග වලට නොයා මැද මාවතේ ගමන් කිරීම නිසා මා සමගි ජන බලවේගය සමඟ එකතු වුණා.දැඩි විනයක් කැපවීමක් සමග කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට රට අනිත් පැත්තට හරවන්න පුළුවන් බව ඔබතුමන්ලා ඔප්පු කර තිබෙනවා.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය අවසන් වී තිබෙනවා.අලුත් නායකයන්ට ඉඩ නොදීම නිසා ඒ පක්ෂ විනාශ වී දිය වී තිබෙනවා. ඔබලාගේ ජනවරම හරියට ක්‍රියාත්මක කරනවා නම් අපේ සහයත් ලබා දෙන්න සූදානම්.
දැනට ජනාධිපතිවරුන් ගන්න දීමනා අතීතයට බලපාන පරිදි අහෝසි කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාවක් නෑ" යනුවෙන්ද ජයසේකර මහතා කීය.
COMMENTS
සජිත් වගේම උගතුන්ට බුද්ධිමතුන් බයයි වගේ පෙනෙන්නේ, කට වාචාල කම තිබුනට මදි බුද්ධියත් තියෙන්නේ ඕනා කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ.
අඩුතරමෙ ඉගෙනගෙනවත් තියෙනවා. මෙතුමාගේ ලේකම්ල හිටියෙ හෙන්චයියො, නිකන් පොර වෙන්ඩ දඟලනවා. රිලා නැටුං තමා
අතීත කාලයේ කතාවක් තිබුනා කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු චුට්ටක් හරි තියෙනවා කියලා. පාවිච්චියට නොගත් කිල්ලෝටවල හුණු නැතත් පැරණි ඒවායේ ගෑවිලා හරි තියෙනවානේ. රහත් නොවූ සෑම සියළු දෙනාටම ආශාවන් තියෙනවා .ඒත් අපේ බලාපොරොත්තුව නම් 1970 සමගි පෙරමුණු ආණ්ඩුව ඇතිකල පක්ෂයේ සාමාජිකයින්ට හා ගජමිතුරු සංග්‍රහ ක්‍රමය දැන්වත් නවතා සුදුසුකම්වලට වලට බදවා ගැනීම .කරාවි කියල තමයි එහෙම නොවුනොත් උනුත් එකයි මුනුත් එකයි නොවෙයි .තුන්දෙන තුන් දිහා බලන් රට වැසියෝ නිකං බොලන් කියන්න තමා වෙන්නෙ
මේ මුළු කාලයේම නින්දේ ඉඳල ඇහැරිලා වගේ දොඩවන්නෙ..
පවුලේ කට්ටිය පත් කරගන්නද කියන්නේ ?
රිලාසිරි නිකන් කරන්නේ නැතුව ඉන්න .ඔයාලා කරපු හැටි අපි දැක්කා
කවුරු පත්කර ගත්තත් පොදු ජනයාට බලපාන්නේ තමුන් වගේ සාමූහිකව හොරකම් කරන්න පටන්ගත්තොත් තමයි. තමුන්ගේ පැටිගිරිය නවතා ආවර්ජනය කළොත් නරකද?
මෙතුමාගේ දැනීම, ලංකාවේ ඉස්කෝල ගානට කැම්පස් නැහැ. වසර හතරයි ඉන්නේ උපරිම, තමන්ගේ බැච් එක පොඩි වපසරියක්, ඒකෙන් බිහිවෙච්චි පරිපාලන නිලධාරින් ගොඩක් ඉන්න බැහැ. එහෙම එකේ මේ චෝදනාව මට නම් වැටහෙන්නේ නැහැ සාධාරණද කියලා, පවුලේ අය නෙවෙයි, උගත්තු කියන්නම දෙයක් නැතිකළ නගන චෝදනා...!
ඔයාලා ඇමැතිකම් කරනකොට කාර්ය මණ්ඩලේ ඔක්කෝම හිටියේ, තමුන්ගේ ගෑනියි, දරුවෝයි, ළඟම නෑදෑයෝ ටිකයි. සේරම පහසුකම් දීලා පැන්ෂන් එකක් හදලා දුන්නා. දිනන පැත්ත බලලා පැනපැන ඉන්න ඔයාට දැන් කියන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවට උපාධිධාරීන් පමණක් පත්වෙන විධිහට නීති ගෙනෙනවා නම් හරි...!
අවුලක් නැ ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩු පක්ෂයට බලය තියනවා සල්ලි වලට පැත්ත මාරු කරලා බලය හදාගෙන වෙනස්කම් කළ නොකර කෙලින්ම අතීතයට බලපාන පරිදි වෙනස් කළ හැකියි.
උගත්කමට, සුදුසුකම්වලට ලේකම් තනතුරු දුන්නා. කලින් හිටපු ආණ්ඩු එහෙමද? කිසිම උගත්කමක් සුදුසුකමක් නැති පව්ලේ අයව කිට්ටු කරගෙන ඇමතිකම්, සභාපතිකම් දීලා රටම හොරාකාලා විනාශ කෙරුවා...
නැතුව ඉතින්. නැත්නම් ඔහේට දෙන්නද කියන්නේ...?
අමාත්‍යාංශ ලේකම් තනතුරු වලට සරසවි ගජ මිතුරන් පත් කලා කියන්නේ ඔවුන් අනිවාර්යයෙන්ම උගත් බුද්ධිමත් අය බව ඔබතුමාත් පිළිගන්නවා නේද? නැතිනම් පසුගිය රජය සමයේ සංස්ථා සභාපති ,වැනි අනිකුත් තනතුරු වලට පත් කලේ කිසිම උගත්තකමක් නැති තමන්ගේ පවුල්වල සාමාජිකයන් බව ඔබට අමතකද?
පාර්ලිමේන්තුවේ කාලය කන මෝඩ මනුස්සයෙක් වෙයි කියලා නම් හිතුවෙ නැහැ ඔබ. උගත් මිනිස්සු ඇසුරු කරන්නේ උගත් අය ඒ අයවයි , කලින් අමාත්‍යාංශවල ලේකම් තනතුරු වලට පත්කළ තමන්ගේ පවුල්වල මෝඩ නෑදෑයින් අතර වෙනසවත් ඔබට නොදැනෙන්නේ මන්ද? ගීත ගායනයට දක්ශ වුණාට කට ඇරලා වෙන මොනවා හරි කිව්වොත් කියන්නෙ වැඩකට නැති මුග්ධ තර්ක. ඒ නිසා සින්දුවක් කියාගෙන ඉන්න.