IMG-LOGO

’’සේරිවාණිලා’’ මට්ටු කරන්න කෘෂි ඇමැතිගෙන් තීරණයක්

(අංජුල මහික වීරරත්න)

හොර තරාදි භාවිත කරමින් ගොවි ජනතාව සූරා කෑම වළක්වාලීම සඳහා වහාම කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ කිරුම් මිණුම් සඳහා භාවිතා කරන බොහෝ තරාදි නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා ගොවි ජනතාවගේ නිෂ්පාදන මිල දී ගැනීමේ දී ඔවුන් සූරා කෑමේ වැඩ පිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

බුලත්සිංහල ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයකින් ලබා දුන් යුරියා පොහොර මල්ලක නිසි බරට පොහොර නොතිබුනු බවට ගොවීන් චෝදනා කිරීම නිසා පොලිසිය මැදිහත්ව විද්‍යුත්  බිම් තරාදියකින් කිරා බැලුවිට නිසි බරින් අවශ්‍ය පොහොර ප්‍රමාණය තිබූ බවට වාර්තා වී තිබූ බව ද අමාත්‍යවරයා කීය.



අදහස් (5)

’’සේරිවාණිලා’’ මට්ටු කරන්න කෘෂි ඇමැතිගෙන් තීරණයක්

මහසෙන් Wednesday, 14 December 2022 10:59 AM

කවුරු ආන්ඩුව හැදුවත් ඒ ආන්ඩුවේ ඇමති කමක් අරගෙන කටින් බතල හිටවන මෙහෙම මිනිහෙක් ඉන්නවමයි..

:       1       3

Sunil Wednesday, 14 December 2022 11:44 AM

ඔය වැඩපිළිවෙලවල් වලින් ජනතාවට වෙන සෙතක් නම් නැහැ.

:       1       2

Perera Wednesday, 14 December 2022 02:15 PM

එළිපිට බොරු කියකියා ජනතාව රවට්ට රවට්ට රටේ දේපළ හූරගෙන කන මගඩි දේශපාලුවන්ව මට්ටු කරන්න ජනතාව තීරණය කළ යුතුය.

:       0       2

දිමුත් Wednesday, 14 December 2022 02:48 PM

මම ළඟදී සතොසෙන් බඩු ගත්තා. ඒකෙත් අඩුවෙන් කිරලා...!

:       0       2

sharm warn Thursday, 15 December 2022 02:49 PM

අපරාදෙ කියන්න බෑ. . අලි යන මං තියලා කූඹි යන පාරවල් නම් වහන්න කොටන් පෙරලනවා හිටු කියලා.. කෘශුකර්ම අමත්ත්‍යංශයට අනුබද්ද ආයතන පනස් ගානක් තියෙනවා.. එන්න එව්ව ටික හරි විඩියට හදලා බොරු ආයතන ටික වහන්න මූට බැහැ.. . කොහෙ හරි මුව හමක් අල්ලගෙන නම් එලිවෙනකල් හරි තලයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site