
(අමදෝරැ අමරජීව )
සූර්යය පැනල සවිකිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදී ඇති ත්‍රිකුණාමලය මුත්තු නගර් ඉඩම්වල සිදුකළ අනවසර බොරළු කැපීමක් වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතාගේ මැදිහත්වීමෙන් අද නතර කරනු ලැබීය.
ඉඩම ලබාගෙන ඇති ඉන්දියානු සමාගමේ මෙරට නියෝජිතවරු විසින් මෙම නීති විරෝධී බොරළු කැපීම සිදුකර ඇති අතර ඒ සඳහා පාරිසරික ඇගයිම් වාර්තා හෝ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ ලබාගෙන නොතිබීණි.
ඉන්දියානු සමාගමට ලබා දී ඇති ඉඩම්වලට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා වහාම බොරළු කැපීම නතර කිරීමට නියෝග කළ අතර ඒ සම්බන්ධයෙන් ඉඩමේ මුල් අයිතිකාර ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවසුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් ගත එකඟතාවලට හා ලංකාවේ පවතින නීතියට අනුකූලව කටයුතු කිරීමට අදාළ සමාගමට දැනුම් දින ලෙසය.ඒ වන විටත් එම භූමියේ කොටසන බොරළු කපා ඉවත් කර ඇති අයුරු නිරීක්ෂණය විය.

2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූර්ය පැනල් සවිකරන්න ඉන්දියාවට දුන් ඉඩමේ බොරළු ජාවාරමක්
දිමුත් Thursday, 21 August 2025 10:21 AM
ඕකුන් ගාව ගත්තොත් ඉවරයි!