
(දිලීප් ජයසේකර)
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු සූරියවැව වැවේගම ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා සැකකරු අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු අද අලුයම සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධ සැකකවකු වන ශ්‍රී සංඝමිත්තා මාවත , මුංහේන , මග්ගොන ලිපිනයේ පදිංචි හෙට්ටිතන්ත්‍රිගේ දොන් කෝසල නැමති 24 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු සූරියවැව වැවේගම ප්‍රදේශයේ පාලු ස්ථානයක පිහිටි නිවසක සැඟව සිටින බවට පොලිස් විශේෂ කාර්‍ය බළකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම ගාල්ල අපරාධ කොට්ඨාසයට අයත් විශේෂ කාර්‍ය බළකා නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී සැකකරු විසින් විශේෂ කාර්‍ය බළකා නිළධාරීන්ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලායාමට උත්සාහ කර තිබේ.
එහිදී විශේෂ කාර්‍ය බළකා නිළධාරීන්ද ප්‍රථිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී සකකරුද වෙඩි තැබීමක් සිදුකර තිබේ.
පසුව දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි හුවමාරුවෙන් සැකකරු හා විශේෂ කාර්‍ය බළකා නිළධාරියකුද තුවාල ලබා සුරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සැකකරු මියගොස් තිබේ.

2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සූරියවැව වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට