IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සරත් වීරසේකරට ඇමෙරිකා විසා ප්‍රශ්නයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය  ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්‍රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් එම චාරිකාවට අනෙකුත් ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරුන් සමඟ සහභාගී වීමට නියමිතව තිබූ බව ආචාර්ය වීරසේකර මහතා පෙන්වා දුන්නේය.

තමන්ට ඇමෙරිකානු වීසා නොලැබීම සම්බන්ධව සහ අධ්‍යන චාරිකාව සඳහා වෙනත් නමක් නිර්දේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට දන්වා සිටීම පිළිබඳ නිල වශයෙන් දැනුවත් දැයි විමසමින් ඊයේ(25) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක්ද යොමු කළ බව ආචාර්ය වීරසේකර මහතා පැවැසුවේය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයෙකුට හැර, නම් කරන ලද අනෙක් අය සම්බන්ධයෙන් වෙනස් අයුරින් සැලකීමට අනුග්‍රාහකයාට අයිතියක් නොමැති  බව ආචාර්ය වීරසේකර මහතා ප්‍රකාශ කළේය.එසේම නාවික හමුදාවේ සිටියදී විවිධ පාඨමාලා සඳහා තමන් ඇමෙරිකාවට ගොස් තිබෙන බවත් බී1 සහ බී2 ඇමෙරිකානු වීසා වසර 5 ක කාලයක් සඳහා තමන්ට තිබෙන බවත් ආචාර්ය වීරසේකර මහතා පැවසුවේය.

තමන්ට අධ්‍යන චාරිකාවට සම්බන්ධ වීම සඳහා විශේෂ කැමැත්තක් ගෝ හේතුවක් නොමැති බවත් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයට සම්පූර්ණ අයිතිය තිබුණත් එක් අයෙකුට වෙනස් ලෙස සැලකීම සම්බන්ධයෙන් කතානායකවරයා තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් විමසිය යුතු බවත් එම ලිපිය මගින් කතානායකවරයාට දැනුම් දුන් බව ආචාර්ය වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් විමසා සිටියත් ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ නැත.



අදහස් (10)

සරත් වීරසේකරට ඇමෙරිකා විසා ප්‍රශ්නයක්

Lal Monday, 25 September 2023 09:47 PM

අමු ජාති වාදීන්ට Visa දෙන්නේ නෑ ..ඇමෙරිකාව

:       86       97

Lalla Monday, 25 September 2023 10:07 PM

ඉතින් බං නොගිහින් හිටපං. උන් උඹව දකින්නවත් කැමැත්ත නෑ.උඹේ උද්දච්ච මූණ දකින්න අකමැත්ත ඇති...

:       130       99

Kumara Tuesday, 26 September 2023 10:12 AM

යට ඇඳුම් ගලවන ,අන්දන එක ගැන මොනවා ඉගෙනගන්නද

:       6       24

saman Tuesday, 26 September 2023 10:30 AM

මම දැකපු හරිම නරක කෙනෙක්

:       8       25

Rata Perata Tuesday, 26 September 2023 11:54 AM

ඇමරිකාව මානසික ලෙඩ්ඩුන්ටත් වීසා දෙන්නේ නෑ මම හිතන්නේ

:       7       24

Rattu Tuesday, 26 September 2023 12:54 PM

බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින උතුම් මිනිසෙකුට නිගාකරන බොරු සිංහල නම්වලින් අදමයන්ට ශාප වේවා

:       11       4

ලුම්බිණි Tuesday, 26 September 2023 01:56 PM

ජාති වාදීන්ට වීසා නොදිය යුතුයි.

:       2       8

C.K.Lankaputhra Tuesday, 26 September 2023 03:48 PM

පොලිස් ඇමති විදිහට හිටපු කාලේ පාස්කු ප්‍රහාරයේ මහ මොල කාරයා තෝරා පත්කර ගත්තයි කියල අමූලික බොරුවට ඇමරිකාව එතුමට සලකනවා වෙන්න බැරිද,?

:       0       0

fairoos Tuesday, 26 September 2023 04:09 PM

හොඳ වැඩේ

:       0       1

රංජිත් Wednesday, 27 September 2023 06:40 AM

කුහක අන්අතවාදී න්‍යාගමිකයන් හා අන්තවාදී අන්‍ය ජාතිකයන් විසින් ඔහුව මෙසේ සමච්චලයට ලක්කලත්, රටේ බහුතර ජනතාව විසින් එතුමාව මහත් ගෞරවයෙන් සලකති.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site