
(ඉන්දිකා රාමනායක)
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අහුන්ගල්ල පොලිසිය මගෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධිය පසුගිය මැයි මස 23 වන දින සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශනය සිදුකර ඉහත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂක 2023 වසරේ ජූලි මස සිට තනතුර අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් සේවයට නුසුදුසුම පුද්ගලයෙක් විය යුතුයි. නැතිනම් වැඩ තහනමකට ලක්වෙයිද?