
(අංජුල මහික වීරරත්න)
2012 හා 2021 වර්ෂයන්හි පැවති සීමා නිර්ණය කමිටු නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම සහ ප්‍රතිශෝධනය කිරීම සඳහා 2012 වර්ෂයේදී සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක කිරීම පිණිස පියවර ගනු ලැබ ඇත.
ඉන් අනතුරුව, 2021 වර්ෂයේදී නැවත සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.
එකී කමිටු වාර්තාවේ නිර්දේශ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත ඉදිරිපත් කර එම කමිටුවල නිර්දේශ ලබා ගැනීමටත්, එකී නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම සඳහාත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීමා නිර්ණ කමිටු නිර්දේශ සමාලෝචනයට තව කමිටුවක්