IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමාජ මාධ්‍ය නියාමන පනත මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා  පාර්ලිමේන්තුවට  අද  (3) ඉදිරිපත් කළේය.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතද අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය සිදු නොවීය.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පනත් දෙකක් එකවර ඉදිරිපත් කිරීමෙන් අධිකරණ කටයුතුවලට යම් බාධාකාරී තත්වයක් මතු වන හෙයින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුව ඉදිරිපත් කරන බවයි.

පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විරෝධතා පෙත්සම් ඉදිරිපත් කෙරෙන අවස්ථාවේදී  ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවා සලකා බැලීමට කාලයක් වැය කිරීමට සිදුවන්නේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා  වෙනම කොමිෂන්  සභාවක් පිහිටුවිය යුතු බව  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ සඳහන් වේ.

 



අදහස් (5)

සමාජ මාධ්‍ය නියාමන පනත මැතිසබයට

කිරිපුතා Tuesday, 03 October 2023 02:42 PM

සමාජ මාධ්‍ය නම් නියාමනය කරන්න අවශ්‍යයි . මොකද කට්ටිය තම තම මත , සිතලූන් , ෆැන්ටසි ඒවට දානවා. සමර දේවල් අමු බොරු. රටට දැයට සමයට හානි වෙවා. හැබැයි මෙයාලගෙ අරමුණ එයාලා කරන දේවල් වහගන්න වෙන්න ඇති. ආරක්ෂක ඇමති හැටියට දැන් නම් ඉල්ලා අස්වෙන්න ඕන තැනටම රටේ විනය පිරිහිලා .

:       2       5

Rata Perata Tuesday, 03 October 2023 05:05 PM

ලෝකේ හැම රටේම එක එක මිනිස්සු තමන්ගේ අදහස් දානවා .ඒවා වැරදි නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.මේවා රනිල් ගේ දුර්වලකම වහගන්න කරනා විහිලු

:       0       0

Priyantha PremathilakaFriday, 10 November 2023 07:05 AM

නීතිය ක්‍රියාත්මක කරන්න තමයි පනතක් ගේන්න හදන්නේ...!

:       0       0

Bamunuarachchi Wednesday, 04 October 2023 05:34 PM

සමාජ මාධ්‍ය නියාමනය කියන්නේ ජෙප්පෝ කියන විදිහට රජයට විරුද්ධ වීම මැඩපැවැත්වීම නොවෙයි. ජෙප්පෝ ඔවුන්ට විරුද්ධ වීම මැඩපැවැත්තුවේ ගෙදරින් එළියට අරන් ඔලුවට වෙඩි තියලා. නියාමනය අවශ්‍යයි. අතීතයට බලපවත්වන ආකාරයට පනත ගෙනෙන්න කටයුතු කරනවා නම් වඩාත් හොඳයි...

:       0       1

R A P RUPASINGHE Friday, 06 October 2023 10:38 PM

මේක ඉස්සෙල්ලා මට කියවන්න දෙන්න. පසුව මම කමෙන්ට් කරන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31145 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site