
(අංජුල මහික වීරරත්න)
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද (14) පැවසීය.
" සහෝදරයා,යට ගිය ඉතිහාසය ගැන වැඩිය කතා කරන්න එපා යැයි සමහර විට තැන තැන මුමුණන්න ඉඩ තියෙනවා.සමහර කවයන් ඒ ඉතිහාසය අමතක කරමින් අපිත් සමග ඉන්න ලෑස්ති වෙන බව මම දන්නවා, යනුවෙන්ද ජනාධිපති අනුර දිසානායක මහතා කීය.
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවස්තර උළෙල කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ දී අද(14)වන දා පස්වරුවේ පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක අපිට අදාළ නැහැ. වඩා වැදගත් දෙය නම් ඔබේ අගමැති, සමහර ඇමතිවරු සහ ඔබේ අන්ධ අනුගාමිකයින් මේ රටේ ඉතිහාසය අමතක කර ඇති බව පෙනේ.
විමලේ විමලේ .ඔයා ආපහු එන්නද බලන් හිටියේ
ඔය පොහොයටුවේ සජබේ ඉන්නේ පාට්ට හොරු, ජනාධිපතිතුමා ස්වාධීන කණ්ඩායම් එකතු කරගෙන පලාත් පාලනය ආයතන පිහිටු වන්න.ජනතාවට ඕන අවංක පිරිසිදු රටේ පාලනය විතරයි.
දැන් තමයි බැටළු හම පොරවාගත් නරියාගේ සැබෑ මුහුණුවර එලියට එන්නේ. මාලිමා වෙස්මූණ දාගෙන ආවට මේක සමාජ වෛරයකින් පෙලෙන අන්තගාමී ජෙප්පන්ගේ ආණ්ඩුවක්. හරිනි ඇතුලු අනික් අය නම්බු පිටින් ගෙදර ගියොත් හොඳයි.
ඉතිහාසය කියන්නේ තුවක්කු තමා... තාමත් ආසයි වගේ ...
ජයවේවා .දුෂණය වංචාව නැතිකරලා යහපත් රටක් ගොඩ නගමු
අම්මෝ එන්නම වටින බඩු ටික
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ "සමාප්ති නිරීක්ෂණ සටහන්" යටතේ මෙසේද සඳහන් කරයි. " ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට සම්බන්ධ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බඳු සංවිධානවල් හෝ සාමාජිකයන් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවලට අප කිසි ලෙසකිනුත් සමාව නොදෙන බව අපි ස්ථීරව ම ප්‍රකාශ කරනු කැමැත්තෙමු." යන වැකිය සහ "ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කරනු ලබූ ත්‍රස්තවාදී ක්‍රියා රැල්ල" යන ප්‍රකාශය සහිත බටලන්ද කොමිෂන් සභා වාර්තාව ආමත්‍ය මණ්ඩලයේ අනුමත කිරීම සහ පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව නිළ වශයෙන් පිළිගෙන ඇති බැවින් එකී වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ)1, 157(අ)2, 157(අ)3 අ,ආ,ඇ,ඈ, 157(අ)4, 157(අ)5අ, 157(අ)5 ආ,157(අ)6 යන ව්‍යවස්ථා අනුව කියවිය යුතු වීමත්, ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡෙදයක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව සැබෑ ය. 157(අ) ව්‍යවස්තාව ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණේ සහ ඒ සමඟ සංධාන ගත වූ ජාතික ජන බලවේගයේ දේශපාලන අනාගතය තීරණය වෙනු ඇත.
මේ අර පරම සත්‍ය කියන එක්කෙනානේ