
(ගයාන් සූරිය ආරච්චි)
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් පසු සැමියා විසින් එල්ල කළ පොලු පහරකින් බිරිය මියගොස් ඇතිි බව හෙට්ටිපොල පොලිසිය පවසයි.
පහරදීමකින් කාන්තාවක් මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත හෙට්ටිපොළ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබුණි.
එහිදී මිය ගොස් ඇත්තේ හඩුපිටිය, උඩවෙලවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ රට පුරාම සිටින සැමියන්ට වෙලා තියෙන්නේ? තම බිරිඳව තියා තිරිසන් සතෙක්ව වුණත් මරන්න පුළුවන්ද මේ විදියට..?
මම යෝජනා කිරීමට කැමතියි සන්ඩු සරුවල් කරන ජෝඩු සදහා කිසිම ආයුධ හෝ පොලු මුගුරු නැති තනිකරම හිස් කාමරයක් වෙන්කර තබන්න