
(අංජුල මහික වීරරත්න)
එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු වෙත සම්බාධක පැනවීම ගැන ඉදිරි පියවර ගැන වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍ය කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මෑතකදී ශ්‍රී ලාංකිකයන් 4 දෙනකුට එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමට ගනු ලැබ ඇති තීරණය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය.
ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස පහත සංයුතියෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එකී කමිටුවේ කාර්යයන් සඳහා අවශ්‍ය යැයි සැලකෙන, අදාළ විෂය පිළිබඳව ප්‍රවීණතාවක් සහිත අන් කවර හෝ නිලධාරියකුගේ, විද්වතකුගේ සේවය ලබා ගැනීම පිණිස කමිටුව වෙත බලය පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:
මැතිතුමා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර,ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරු එම කමිටු සාමාජිකයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර නෑහෙන්න හදන්නේ ඔය රටට නොගිහින් හිටියනම් ඉවරනේ, ඔයිට වඩා හොඳ විශාල ප්‍රමාණයක් තියෙන්නේ, යන්නම රට වර්ණ භේදය ඉහවහ ගිය රටක් පසුගිය වසරේ ළමයි 32ක් පිහියෙන් ඇනලා ඝාතනය කළා.
ඔයාලා වගේ මජරයෝ මොනව බලන්නද ?