IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සම්පත් මනම්පේරිගේ කැරට්ටුව ටික ටික එළියට

(ගයාන් සූරියආරච්චි)

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක්  සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන අගුණකොළ පෑලස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපෙක්සක සම්පත් මනම්පේරි නැමැත්තා 2015 සිට අවස්ථා තුනකදී මාස 22 ක් පමණ රිමාන්ඩ් බාරයේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා සහල් ලොරි කොල්ලකෑම් සිදු කර ඇති අතර ඒ සම්බන්ධව ඔහු මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

එමෙන්ම ගංජා කිලෝ 106 ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මාස 10 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතකර රුපියල් 50,000 ක දඩයකට යටත්ව ඇප මත මුදා හැර  තිබූ බවත් ගංජා ප්‍රවාහනයට යොදාගත් ඔහුගේ කැබ් රථයක්ද වාද සන්තක වී තිබූ බව එම නිලධාරියා පැවසුවේය.

කෙසේ වෙතත් මෙම සැකකරු 2024 ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීමට පෙර අධිකරණ නියෝග මත එම දඩ මුදල් ගෙවා තිබූ බවද විමර්ශන නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සම්පත් මනම්පේරි නැමැත්තා හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආධාර උපකාර ඇතිව එම ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වී තිබූ බවද පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු අනාවරණය වී ඇත.

 



අදහස් (10)

සම්පත් මනම්පේරිගේ කැරට්ටුව ටික ටික එළියට

කෞෂි Thursday, 18 September 2025 10:23 PM

ජාතිය, ආගම සුරකින පොහොට්ටුවේ ජනතා නියෝජිත චරිත ටිකෙන් ටික එළියට.

:       38       143

අසංක කේ.Thursday, 18 September 2025 10:49 PM

මේ අය හරි දක්ෂයි දේශප්‍රේමය ආගම මාර්කට් කරන්න. ඒ පස්සෙ යන තමන් වෙනුවෙන් හිතන්න බැරි මිනිස්සු ලේසියෙන්ම රැවටෙනවා. නීතිය, මානව හිමිකම්, පුරවැසි අයිතීන් හා යුතුකම් වගේ ඒව ඇතුල්කරල අධ්‍යාපනයට යොදන මුදල අඩුම ගණනේ දහගුණයකින් වැඩි කරල ගුරු පඩි, පහසුකම් ඉතා වැඩිකරල දක්ෂයින් ගුරු වෘත්තියට ගැනීම එක විසඳුමක්.

:       3       27

Perera Friday, 19 September 2025 09:02 AM

පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්න නාමයෝජනා සම්මත වෙන්න සුදුසුකම් සියල්ලම සපුරලා.

:       6       38

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 19 September 2025 09:05 AM

අනේ, කරපු ජඩ වැඩ ඔහොම ටික ටික එළියට දාන්න එපා. අපිට මුන්ගේ කක්කා හෝදලාම ඉවරයක් නෑ

:       4       31

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Friday, 19 September 2025 09:12 AM

1500ට අදහස් ලියන කවු සි මහත්මිය අර නිර්ධන පන්තියේ මිනිස්සුන්ගෙ වත්කම් ගැනත් මොනවහරි ලියල යන්නකෝ.

:       31       9

කෞෂිFriday, 19 September 2025 10:16 AM

සාධාරණව සල්ලි හම්බකරන එක, රැස්කරන එක වැරැද්දක්ද? හැබැයි රාජ්‍ය දේපල හොරකම්කරන එක, මහා පරිමාණ කුඩු විකුණන එක, ජීවිතේට රස්සාවක් නොකර ප්‍රකෝටිපතියෝ වෙන එක වැරදි විදියට ඕගොල්ලන්ට පේන්නෑ කියල මිනිස්සු දන්නවා.

:       6       27

කෞෂිFriday, 19 September 2025 10:17 AM

ඔයාට තාම 1500 ද ගෙවන්නේ. ඔයාගෙ මිම්ම අනික් අයට අදාල නෑ.

:       6       15

රනේ Friday, 19 September 2025 09:48 AM

දැනටමත් හිර ගෙවල් පිරිලා . සම්පත්ලගෙ නඩේටත් සෑහෙන්න ඉඩ ඕන වෙයි.. අනේ මන්දා?

:       5       16

Gamage Friday, 19 September 2025 09:50 AM

සාටක සාපය තුරන් වේවා

:       5       24

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Friday, 19 September 2025 11:43 AM

1500 කථාවට කවු සිට තරහ ගිහිං පැය තුනයි 1500 යි. ජීවිත කාලෙම දේශපාලනේ කරණ කට්ටියට සාධාරණව ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරන්න වෙලාවක් තියනවද? ක්‍රිප්ටෝ කරන්සි තිබීමම ලංකාවේ නීතියට අනුව තහනම් තව මොනවා හරි ලියල හෝදන්න.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site