
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
එම ස්ථානයේ තිබි රුපියල් මිලියන 28ක පමණ වෙළඳපොළ වටිනාකමින් යුත් ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක තොගයක් එම නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
වෙළඳපොළට විකිණීමට යොමු කර තිබෙන ප්‍රසිද්ධ සන්නාම සහිත කල් ඉකුත් වූ හිස කෙස් වර්ණක හා පලුදු වූ හිසකෙස් වර්ණක පැකට් සිමෙන්ති කුඩු සමඟ යන්ත්‍රයකින් කලවම්කර ප්‍රසිද්ධ සන්නාම සහිත ඇසුරුම් උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක වෙළඳපොළට නිකුත් කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව එම නිලධාරීන් කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදනයේ නම දැම්මනං අපේ පරණ තාප්පෙ හිල් ටික වහගන්න පැකට් දෙක තුනක් ගන්න තිබුණා. පේන්ට් එකත් නොමිලෙම වදිනවා.
නඩුදාන්න කලියෙන් ඔය ආලේපන ඔක්කොම හදපු ජාවාරම්කාර කට්ටියගෙ හිසකෙස්වල මාස 6ක් දිනපතා ආලේප කරවන්න ඕන. අවුලක් නැතිනම්, නඩු දාන්න ඕනත් නැහැනෙ?
ඕවට යන එවුන්ට දෙන්න ඕන පුනක්කු කුඩු කවලම් කරපුවා!
කපරාරු කුඩු කලවම් කරලා මුහුණු ආලේපනත් හදලාද කියලා බලන්න!
යුරෝපයේ අය කොන්ඩේ කළු කරනවා අපේ අය පාට කරනවා රත්තරන් පාටට.
ගායිකාවක් අකාලයේ මියගියා නේද හිස කෙස් වර්ණක ගල්වලා දශක කීපයකට පෙර?