IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සමෘද්ධියේ කෝටි 1290ක් බහිරවයෝ කාලා

(සුජිත් හේවාජුලිගේ)

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති  ප්‍රජා මූල බැංකු දිස්ත්‍රික් කාර්යාල හා බැංකු මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා සේවක පාරිභෝගික ණය, සේවක නිවාස ණය,  විශේෂ සේවක ණය  හා විශේෂ අපදා ණය වශයෙන් ලබාදී තිබූ  රුපියල් කෝටි 1290 ක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම ණය මුදලින් රුපියල් කෝටි හතරකට වැඩි මුදලක්   බොල් ණය ලෙස කපා හැර ඇතැයිද  එහි දැක්වේ.

මේ අතර දෙපාර්තමේන්තුවේ මුදල් අංශය යටතේ ඇති  සේවක ණය චක්‍රීය අරමුදලේ 2024 දෙසැම්බර් 31 වනවිට රුපියල්  පන්කෝටියට ආසන්න මුදලක් පැවති නමුත්  2020 වසරේ සිට මෙම ක්‍රමය අත්හිටුවා තිබූ බව  පැවසේ. මේ අතර සේවකයන්ගෙන් රැස් කර ගන්නා මුදලින් රුපියල් කෝටි 18 කට  වැඩි මුදලක් භාණ්ඩාගාරයට ප්‍රේෂණය කර තිබූ බව පවසන විගණන වාර්තාව 2017 සිට 2024 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රකාශ සකස් සකස් කර විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද සඳහන් කළේය

මේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන සකස් කර විගණනයට ඉදිරිපත් කළ යුතු බව විගණන කාර්යාලය එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට  නිර්දේශ කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.

මෙම වාර්තාව ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.



අදහස් (2)

සමෘද්ධියේ කෝටි 1290ක් බහිරවයෝ කාලා

Lalla Saturday, 23 August 2025 11:00 AM

සමෘද්ධිය අස්වැසුම වැනි නිකමුන් ප්‍රවර්ධනය රටක වර්ධනය සහමුලින්ම විනාශ කිරීමට හේතුවන බව පේනවා නේද? රටේ බහුතරය නිකමුන් වීම දකින වැඩ කරන ජනතාව කලකිරීමට පත්ව රට හැර යාම නවත්තන්න බෑ. රටට අනාගතය නැතිකරන මෙවැනි ව්‍යාපෘති නතර කළ යුතුයි.

:       0       6

Rata Perata Saturday, 23 August 2025 11:19 AM

රටේ නායකයාගේ ඉඳලා හැම කෙනාම කරලා තියෙන්නේ හොරකම...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site