(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 1 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත.
රේගු ආඥා පනතේ (අ) උපලේඛනය මගින් ප්‍රකාශිත සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ ( HS)87.03 යටතේ වර්ගීකරණය කර ඇති එන්ජින් ධාරිතාවය 1800CC ට වැඩි පැට්‍රල් වාහන සහ එන්ජින් ධාරිතාවය 2300CC ට වැඩි ඩීසල් වාහන ( ඩබල් කැබ්, සින්ගල් කැබ්, වෑන් බස් ලොරි ට්‍රක් යනාදිය ඇතුළත් නොවේ) මෙසේ
වෙන්දේසි කෙරේ.
මෙසේ වෙන්දේසි කෙරෙන වාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම නොකළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙයි.
පොදු දේපළ අස්ථානගතවීම සහ අවභාවිතය වැළැක්වීමට මෙන්ම රජයේ මුදල් ඵලදායී ලෙස යොදා ගැනීම තහවුරු කිරීම සඳහා රජයේ සියලුම වාහන නිසි පරිදි උපයෝජනය කිරීම ලේඛන ලේඛනගත කර පවත්වාගෙන යෑම සහ වාර්තා කිරීම සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අනිවාර්ය වගකීමක් බවද එම චක්‍රලේඛයේ දැක්වේ.
ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වාහන වල අවශ්‍යතාව ඇගයීමෙන් පසුව ආර්ථිකමය වශයෙන් ඵලදායි නොවන සහ ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය නොවන මෝටර් වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා අපහරණය කළ යුතු බවත් ඉහත දැක්වෙන මෝටර් වාහන ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය වන්නේ නම් එම අවශ්‍යතාව සාධාරණීකරණය කරමින් භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා කොම්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි.... දැන් ඒ වෙනුවට විදුලියෙන් දුවන අළුත් වාහණ ගන්න පුළුවන්. මිල තමයි වැඩී......
මෙලෙසම පර්මිට් වලට ගත් වාහනත් අඳුනා ගත හැකි ක්‍රමයක් සැදිය යුතුය. රතු නම්බර් ප්ලේට් වැනි ක්‍රමයක් මගින් එය කල හැකියි. එම වාහන අත යට විකිණීම වැනි දේවල් වැළක්විය යුතුය. අදාල පුද්ගලයාට පමණක් පර්මිට් එක පාවිච්චියට අවස්ථාව සැලසිය යුතුය. අනික රටට නියමිත බදු ගෙවා, සාධාරණ ලෙස වාහන ගත් පුද්ගලයන්ට ආඩම්බරයෙන් තමන්ගේ වහනයෙන් යන පරිසරයක් නිර්මාණය කල යුතුයි. පර්මිට් කාරයොත් හරියට තමන් සල්ලි දීල ගත්ත වාහන වල යනවා වගේ ගෙම්බර් දානවා මහන්සියෙන් කැපවීමෙන් මුළු මුදල ගෙවල අරන් පාරේ යන පොඩි වාහන වලට.
Pushpa ගෙ අදහස ඉතාම හොදයි. අගය කරමි.
ඔය වාහන වල විස්තර තියන ලැයිස්තුවක් වෙන්දේසි ස්ථානය දිනය විස්තර කොහෙන්ද හොයාගන්න පුළුවන්
මෙකී වාහන අයථා මගින් නොව එකතැනකට එකතු කරලා ප්‍රසිද්ධ වෙන්දේසියක් පැවැත්විය යුතුයි ... පාතාලයෙන් තැරැව්කරුවන්ගෙන් තොරව සාධාරණ ලෙස අවශ්‍ය අයට ලබාගැනීමට සැලැස්විය යුතුයි