(කේ බුද්ධික කුමාරසිරි)

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පාදුක්ක අරුක්වත්ත පදිංචි රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන ශිෂ්‍යාව සමත් වූවාය.

ඒ අනුව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව යන විෂයන් තුනටම ඒ සමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ ඇය කොළඹ දිස්ත්‍රික්කයේ 217 වැනියා ලෙස සහ දිවයිනෙන් ම 963 වැනියා ලෙසද සමත්ව ඇත.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වන රනුලි කවිත්‍යා දියණිය පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190 ක් ලබා කොළඹ විශාඛා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා හදාරා පෞද්ගලික අයදුම්කාරියක ලෙස ඇය උසස් පෙළ විභාගයට පෙනීසිට ඇත.