(කේ බුද්ධික කුමාරසිරි)
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පාදුක්ක අරුක්වත්ත පදිංචි රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන ශිෂ්‍යාව සමත් වූවාය.
ඒ අනුව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව යන විෂයන් තුනටම ඒ සමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ ඇය කොළඹ දිස්ත්‍රික්කයේ 217 වැනියා ලෙස සහ දිවයිනෙන් ම 963 වැනියා ලෙසද සමත්ව ඇත.
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වන රනුලි කවිත්‍යා දියණිය පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190 ක් ලබා කොළඹ විශාඛා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා හදාරා පෞද්ගලික අයදුම්කාරියක ලෙස ඇය උසස් පෙළ විභාගයට පෙනීසිට ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
ගුණරත්න Sunday, 27 April 2025 05:45 PM
අපේ වැඩිහිටියෝ කියනවා ඒ කාලේ විශේෂ දක්ෂතා ඇති ශිෂ්‍යයන්ට ඩබල් පාස් දෙනවා කියලා, ඒ කියන්නේ වයසට වඩා ඉහළ පන්ති වලට යොමු කරන එක, ඒ ක්‍රමය ආපහු ගෙනාවොත් හොඳයි, මේ තරම් දක්‍ෂ ළමයෙක් ආපහු උසස්පෙළ කළයුතු නැහැ...
බකල ජයා Sunday, 27 April 2025 05:46 PM
සුභග (gifted) දරුවෙක්. බුද්ධිය දියුණුකරන්, ලෝකෙ ගැනත් ඉගෙනගෙන ඉදිරියටම යන්න සුබ පැතුම්!
tissa Sunday, 27 April 2025 06:23 PM
දැන් ඉතින් උසස් පෙළ ටියුෂන් පටන් ගනී 8 වසරේ ඉඳන්...
ගමේ එකාලා Sunday, 27 April 2025 08:02 PM
ඔබ ඉතාම දක්ෂ දියණියක්... අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.., තෙරුවන් සරණයි...!
L B Gunapala Monday, 28 April 2025 07:15 AM
මෙහෙම අතිදක්ෂයින් බොහොමයක් රටේ සිටිනවා ඇති. ඒත් ඔවුන් කැලේ පිපී කැලේම පරවෙන මල්වගේ නැතුව යනවා.
himal Monday, 28 April 2025 08:31 AM
ඒ දරුවාට ඒ සඳහා මඟ පෙන්වූ ගුරුවරු ගැනත් දාන්න තිබ්බා. මොකද ඉස්කෝලෙන් වෙන්න බෑනේ මාස 6න් උසස් පෙළ කළේ.